එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමහර බැංකුව​ල ගිණුමක් විවෘත කිරීමට සහ බැංකු කාඩ්පතක් ලබා ගැනීමට පදිංචිකරුවන්ට අවම වශයෙන් ඩිරාම් 3,000 ක වැටුපක් තිබී​ම අවශ්‍ය කාරණාවකි. මෙයින් අදහස් කරන්නේ අන්තර්ජාල සාප්පු සවාරි, කාඩ්පත් මගින් ගෙවීම් කටයුතු සහ මුදල් රැගෙන නොයාමේ පහසුව වැනි බැංකු කාඩ්පතක් තිබීමේ ප්‍රතිලාභ ලබා ගැනීමට සමහර පුද්ගලයින්ට නොහැකි බවයි.

කෙසේ වෙතත්, Astra Tech විසින් Botim කාඩ්පත් දියත් කර ඇති බැවින් එමගින් සැමට කාඩ්පත් මගින් ලැබෙ​න ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා.

මේ සඳහා අවම වැටුපක් අවශ්‍ය නොවේ, එයින් අදහස් වන්නේ UAE පදිංචිකරුවන්ට නිශ්චිත මුදලක් උපයා ගැනීමෙන් තොරව කාඩ්පතක් ලබා ගත හැකි අතර ඩිජිටල් ගෙවීම් සඳහා ප්‍රවේශ විය හැකි බවයි.

කාඩ්පතට මුදල් එකතු කිරී​ම(Topping up) පහසු වන අතර දැනටමත් බැංකු ගිණුමක් ඇති අයට හෝ UAE හි ඇති කියෝස්ක් 4,500 ක් හරහා මුදල් එකතු කිරී​ම ඩිජිටල් ලෙස කළ හැකි​ය.

මාර්ගගත ගෙවීම් සහ සාමාන්‍ය ගෙවීම් සඳහා ලෙස කාඩ්පත් දෙකක් ඇති අතර ඩිරාම් 25 ක මූලික ගෙවීමකින් මෙම කාඩ්පත ලබාගත හැක.

Share.

Comments are closed.