Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»දඹුල්ල අවුරා LPL තරඟාවලියේ අවසන් මහ තර​ඟයට
Events

දඹුල්ල අවුරා LPL තරඟාවලියේ අවසන් මහ තර​ඟයට

Stanly KularathnaBy Stanly KularathnaAugust 18, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා දෙදෙනාගේ වගකීම් සහගත පිතිහරඹය මත දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ LPL තරඟාවලියේ අවසන් මහ තර​ඟයට සුදුසුකම් ලබාගත්හ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති අවසන් වටයේ පළමු සුදුසුකම් තේරීමේ තර​ඟයේදී දඹුල්ල අවුරා කණ්ඩායම විසින් අපහසුවකින් තොරවම ගෝල් ටයිටන්ස් පිල කඩුලු 6 කින් පරාජය කරන ලදි.

ලකුණු 147 ක පහසු ඉලක්කයක් කරා ගිය දඹුල්ල අවුරා පිතිකරුවෝ පන්ඳු 02 ක් ඉතිරිව තිබියදී තම ඉලක්කය කරා අවතීර් ණ වූහ.

පරාජය වූ නමුත් අද රාත්‍රියේදී පැවැත්වෙන ජැෆ්නා කිංග්ස් සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම් අතර තරගයේ ජයග්‍රාහකයන් සමගින් සෙනසුරාදා තර​ඟ වැදීමෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ තවත් අවස්ථාවක් ගෝල් ටයිටන්ස් පිලට තිබේ.

හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ද සහිතව, පන්දු 14 කින් ලකුණු 24 ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු සිව්වැනි ඕවරයේදීම දැවී ගියේය. එහෙත් කණ්ඩායම වෙනුවෙන් බර කරට ගත් නායක කුසල් මෙන්ඩිස්, පන්දු 45 කදී ලකුණු 49 ක් ලබාගත්තේය. කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා අතර ඕවර 8.5 කින් පැවැති තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 69 කි.

දඹුල්ල ජයග්‍රහණයට එක ලකුණක් අවශ්‍යව තිබියදී පන්දුව අතට ගත් දසුන් ශානක හමුවේ දැවී යාමට පෙර කුසල් පෙරේරා පන්දු 39 කින් ලකුණු 53 ක් ලබා සිටියේය. අද සිය 33 වැනි උපන් දිනය සමරන කුසල් පෙරේරාගේ ඉනිම හතරේ පහර 4 කින් සහ හයේ පහර 3 කින් සමන්විත විය.

ගෝල් ටයිටන්ස්, ඕවර 18 ක් නිමාවේදී කඩුලු 6 කට ලකුණු 139 ක් ලබාසිටි නමුත් අවසන් ඕවර දෙකේදී පිතිකරුවන් සිව්දෙනකු දැවීයාම හේතුවෙන් කණ්ඩායම ලකුණු 146 කට දැවී ගියේය.

දඹුල්ල අවුරා නායක කුසල් මෙන්ඩිස් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතීරුව හොඳින් අධ්‍යනය කර තිබූ අයෙකි. කාසියේ වාසිය දිනාගත් සැණින් ඔහුගේ තීරණය වූයේ පන්දු යැවීමයි.

දෙවැනි පන්දුවෙන්ම භානුක රාජපක්‍ෂ දවාගැනීමට බිනුර ප්‍රනාන්දු සමත් වූ අතර ලිටන් දාස් ද ලකුණු 08 කට දැවී යාම හේතුවෙන් පන්දු 19 ක් ඇතුළත දෙවැනි කඩුල්ලත් බිඳ වැටිණ. එහෙත් කෲස්පුල්ලේට එක්වූ සකිබ් අල් හසන් මුලු ලකුණු සංඛ්‍යාව 76 ක් දක්වා රැගෙ​න ගිය නමුත් සකිබ්ට ලබාගත හැකිවූයේත් ලකුණු 19 කි. දෙදෙනා අතර පැවැති ලකුණු 51 ක සම්බන්ධතාවට පන්ඳු 38 ක් වැයවූ අතර එයින් ලකුණු 31 ක්ම පැමිණියේ ලසිත් කෲස්පුල්ලේගෙනි.

හේඩ්න් කර් කඩුලු 3 ක් දවාගත්තද, ලිටන් දාස් හැරුණු විට අනෙක් කඩුලු දෙකම පසුපෙළ පිතිකරුවන්ගේ විය. අවසන් ඕවරයේදී ලසිත් කෲස්පුල්ලේ දුවද්දී දැවී යන විට දකුණත් ආරම්භක පිතිකරුවා පන්දු 61 කින් ලකුණු 80 ක් ලබා සිටියේය. ඊට ඇතුළත් වූ හතරේ පහර සංඛ්‍යාව 7 කි.

ගෝල් ටයිටන්ස් – ඕවර 20 කදී සියලු දෙනා දැවී 146 යි

(ලසිත් කෲස්පුල්ලේ 80, සකිබ් අල් හසන් 19, දසුන් ශානක 12 ළහිරු සමරකෝන් 15, හේඩ්න් කර් 18/3, නූර් අහමඩ් 27/2)

දඹුල්ල අවුරා – ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී 147 යි

(අවිශ්ක ප්‍රනාන්දු 24, කුසල් මෙන්ඩිස් 49, සධීර සමරවික්‍රම 13, කුසල් ජනිත් පෙරේරා 53)

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථිකය වසර 10තු​ල 36%කින් වර්ධනය වේ
Next Article ජැෆ්නා කිංග්ස් කණ්ඩායම LPL තරඟාවලියෙන් ඉවත​ට
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.