Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ජැෆ්නා කිංග්ස් කණ්ඩායම LPL තරඟාවලියෙන් ඉවත​ට
Events

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම LPL තරඟාවලියෙන් ඉවත​ට

Stanly KularathnaBy Stanly KularathnaAugust 19, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

LPL ආරම්භක තරඟාවලි තුනේදීම ශුරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරඟාවලියෙන් ඉවත්කිරීමට බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ඊ​යේ සමත් විය. බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊ​යේ පැවැති තර​ඟයේදී ලකුණු 61 ක දැවැන්ත ජයක් අත්කර ගත්හ. එහෙත් තරඟාවලියේ අවසන් මහ තර​ඟයට සුදුසුකම් ලබාගැනීමට නම්, අ​ද පැවැත්වෙන තරඟයේදී ගෝල් ටයිටන්ස් පිල සමගින් තර​ඟ වැදී ජයග්‍රහණය කිරීමට ද කැන්ඩි කණ්ඩායමට සිදුව තිබේ.

අභියෝගාත්මක ඉලක්කයක් වූ ලකුණු 189 ක් කරා ඇදුණු ජැෆ්නා කිංග්ස් පිතිකරුවන්ට ලකුණු 127 දී තම ගමන නතර කිරීමට සිදුවිය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කැන්ඩි නායක වනිඳු හසරංග පන්දු 20 කදී ලකුණු 09 ක් පමණක් ලබා දෙමින්, කඩුලු 6 ක් දවාගත්තේ 20-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන් අද්වීතීය බව යළිත් වරක් සනාථ කරමිනි.

පළමුවෙන් පන්දුවට පහර දුන් කැන්ඩි පිලේ ප්‍රහාරකයා වූ ෆකර් සමාන් ලකුණු නොලබාම දැවී ගියේය. එහෙත් මොහොමඩ් හාරිස් (79) සහ දිනේෂ් චන්දිමාල් (4) එක්ව පන්දු 39 කින් ලකුණු 68 ක සවිමත් සබඳතාවක් ගොඩනගා ගැන්මට සමත් වුණා. නියමිත ඕවර 20 නිමාවේදී බී-ලව් කැන්ඩි පිතිකරුවෝ කඩුලු 8 ක් දැවී ලකුණු 188 ක් ලබාගත්හ.

පන්ඳු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ පමණක් තමන්ගේ ඕවර 4 ලකුණු 25 කට සීමාකරගත් නමුත්, ජැෆ්නා කිංග්ස් පිලේ අනෙක් සියලුම පන්ඳු යවන්නෝ දැඩි ප්‍රහාරයකට ලක්වූහ.

චන්දිමාල් දැවී යාමෙන් පසුව වනිඳු හසරංග සමගින් එක්වූ ආරම්භක පිතිකරු මොහොමඩ් හාරිස් ජැෆ්නා පන්දු යවන්නන්ට රිසිසේ පහර දෙමින් පන්දු 49 කදී ලකුණු 79 ක් ලබාගත්තේය. මහීෂ් තීක්‍ෂණගේ පන්දුවක් හමුවේ රමනුල්ලා ගුර්බාස්ගේ ස්ටම්ප් කිරීමට හසුවීමට පෙර හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් හාරිගේ පිත්තෙන් නික්මී තිබිණ.

ඕවර 18 ක් නිමාවේදී බී-ලව් පිලේ ලකුණු සංඛ්‍යාව කඩුළු 5 කට 180 ක් වූයෙන් අවසන් ඕවර දෙකේදී රිසිසේ පන්ඳුවට පහරදීමේ අවස්ථාව ඔවුන්ට තිබිණ. එහෙත් අනපේක්‍ෂිත අයුරින් ඩිල්ෂාන් මධුශංක සිය ඕවරය ලකුණු 5 කට සීමා කළ අතර අවසන් ඕවරය යැවූ නුවන් තුෂාර එහිදී ලකුණු 03 ක් පමණක් දෙමින් කඩුලු 3 ක් දවාගත්තේය. බී-ලව් පිලේ ලකුණු සංඛ්‍යාව 188 කට සීමා විය.

බී-ලව් කැන්ඩි – ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 188 යි

(මොහොමඩ් හාරිස් 79, දිනේෂ් චන්දිමාල් 41, වනිඳු හසරංග 19, කමිඳු මෙන්ඩිස් 17, අසීෆ් අලී 15, නුවන් තුෂාර 40/4, මහීෂ් තීක්‍ෂණ 37/2, අසේල ගුණරත්න 41/2)

ජැෆ්නා කිංග්ස් – ඕවර 17.2 කදී සියලු දෙනා දැවී 127 යි

(ක්‍රිස් ලින් 19, රමනුල්ලා ගුර්බාස් 19, ෂොයිබ් මලික් 31, ඩේවිඩ් මිලර් 26, මහීෂ් තීක්‍ෂණ 15, වනිඳු හසරංග 09/6)

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදඹුල්ල අවුරා LPL තරඟාවලියේ අවසන් මහ තර​ඟයට
Next Article අතහැර දැමූ මෝටර් රථවලට ඩිරාම් 3,000 ක දඩයක්
Stanly Kularathna

Related Posts

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.