Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Municipality»ඩුබායිහි කෘත්‍රිම වැසි සමඟින් එන ‘Rainy Summer’ උත්සවය
Dubai Municipality

ඩුබායිහි කෘත්‍රිම වැසි සමඟින් එන ‘Rainy Summer’ උත්සවය

Stanly KularathnaBy Stanly KularathnaAugust 19, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගිම්හාන උණුසුමෙන් වෙහෙසට පත් වී සිටින ළමුන් සහ වැසියන්ට, කෘතිම වැසි සහ ජල ක්‍රියාකාරකම් භුක්ති විඳීමට සහ එළිමහනේ විනෝද වීමට අවස්ථාව සැලසී​ම සඳහා ඩුබායි මහ නගර සභාව Ferjan Dubai සමඟ එක්ව ‘Rainy Summer’ උත්සවය සංවිධානය කෙරෙනවා.

ඩුබායි මහ නගර සභාව Ferjan Dubai සමඟ එක්ව අගෝස්තු 16 සිට අගෝස්තු 20 දක්වා Al Barsha Pond Parkහි සහ Al Warqa 3 Park හි අගෝස්තු 23 සිට 27 දක්වා ‘Rainy Summer’ වැඩසටහන දියත් කර තිබෙනවා. ‘Rainy Summer’ උත්සවය සඳහා ජල ක්‍රියාකාරකම්, පිහිනුම් තටාක, විනෝදාත්මක ක්‍රීඩා ඉසව්, සහ අප්‍රිකානු බෙර වාදනයන් සමඟ එ​න ළමුන් සඳහා වැඩමුළු රාශියක් මීට ඇතුලත් වෙනවා.

උද්‍යාන දෙකෙහිම සවස 4:30 සිට රාත්‍රී 10:00 දක්වා පදිංචිකරුවන් සඳහා විවෘතව පවතින අත​ර සති අන්තයේ රාත්‍රී 11:00 දක්වා විවෘත වෙනවා.

Ferjan Dubai හි නිෂ්පාදන, විවිධ වර්ගයේ ආහාර පාන පිරිනමන ආපනශාලා, කැෆේ ගණනාවක් සහ විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම් වලදී තම දරුවන් සමඟ රැඳී සිටීමට කැමති පුද්ගලයින් සඳහා සකස් කරන ලද විවේක කූඩාරම් සමඟින් උත්සවය පැවැත්වෙනවා.

පොදු උද්‍යාන සහ විනෝදාත්මක පහසුකම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අහමඩ් අල් සරූනි පැවසුවේ “ඩුබායි හි උද්‍යානවල බොහෝ පහසුකම් සමඟින් Rainy Summer උත්සවය, ඩුබායි හි සියලුම වැසියන්ට විනෝදාස්වාදය සහ පිරිනැමීම් භුක්ති විඳීමට ඉඩ සලසනවා”. “Rainy Summer යනු දරුවන්ට එහි සුවිශේෂී හා සිත් ඇදගන්නාසුළු ක්‍රියාකාරකම් සමඟ ගිම්හාන සමය භුක්ති විඳීමට පොහොසත් අත්දැකීම් ලබා දෙන උත්සවයකි. මෙම මුලපිරීම මගින් ප්‍රජාවේ විවිධ කොටස් සඳහා හොඳම ජීවන තත්ත්වය සහ යහපැවැත්ම ලබා දීමට මහ නගර සභාව දරන ප්‍රයත්නයන් පිළිබිඹු වන අතර එමඟින් ඩුබායි වැසියන්ගේ ජීවන තත්ත්වය සහ සතුට ඉහළ නංවයි,” AL Zarooni පැවසීය.

Ferjan Dubai හි ‘Rainy Summer’ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජමාල් අල් ෂුඅයිබි පැවසුවේ: “මෙම උත්සවය දැනුම හා විනෝදාත්මක ක්‍රියාකාරකම්වල දිගුවක් වන අතර සංවිධානය කරන ලද උත්සවය මගින් පවුල් සහ ප්‍රජා සබඳතා, යහපැවැත්ම සහ ජීවන තත්ත්වය ප්‍රවර්ධනය කරමින් ඩුබායි ජනතාව අතර සහයෝගීතාවයේ බැඳීම් ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇත”

“මෙම උත්සවයට සහභාගිවන්නන්ගේ මානසික හැකියාවන් ඉහළ නංවන අතරම ළමුන් සඳහා ක්‍රීඩාව හා විනෝදාස්වාදය ඒකාබද්ධ කරන නිර්මාණාත්මක තරඟ ඇතුළත් වේ. එය ප්‍රාදේශීය ප්‍රජා ව්‍යාපෘති සඳහා උද්‍යාන දෙකෙහි කාර්ය සාධනයන් ද දක්වයි. අල් ෆ්‍රීජ් සම්ප්‍රදායන්ට සහ එමරාති​යේ දිගුකාලීන උරුමයට අනුකූල වන ආර්ථික හා මානුෂීය මානයන් ඒකාබද්ධ කරන අද්විතීය ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට පවුල්වලට හැකි වේ,”අල් ෂුඅයිබි වැඩිදුරටත් පැවසීය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි වෙරළ තීරයේ මුර සංචාරය සඳහා ජීවිතාරක්ෂක කාර්ය මණ්ඩලය යෙදවේ
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාස 3ක සංචාර වීසා ඉල්ලුම ඉහළ​ට
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.