Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Visa»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාස 3ක සංචාර වීසා ඉල්ලුම ඉහළ​ට
Visa

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාස 3ක සංචාර වීසා ඉල්ලුම ඉහළ​ට

මාස තුනක සංචාර​ක වීසා 2023 මැයි මස නැවත හඳුන්වා දෙන ලදී
Stanly KularathnaBy Stanly KularathnaAugust 20, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන බොහෝ සංචාරකයන් මාස තුනක (දින 90) සංචාර​ක වීසා බලපත්‍රය සඳහා අයදුම් කරමින් සිටින අතර නියෝජිතයින් පවසන්නේ එම සංඛ්‍යාව දිනකට 20 දක්වා ළඟා වන බවයි.

Covid -19 වසංගතය අතරතුර මාස තුනක වීසා බලපත්‍රය අත්හිටුවන ලද අතර පරතරය පිරවීම සඳහා දින 60 ක වීසා බලපත්‍රයක් හඳුන්වා දෙනු ලැබුවා. මේ වස​රේ මැයි මාසයේදී, මාස තුනේ සංචාර​ක වීසා නිකුත් කිරීම නැවත ආරම්භකරනු ලැබුවා.

“දැනට, තනි ප්‍රවේශ (single-entry) වීසා වර්ග තුනක් තිබේ: ඒ දින 30, 60 සහ 90 වශයෙනි” Tahira Tours and Travel LLC හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ෆිරෝස් මලියක්කල් පැවසීය.

Luxury Travels හි වීසා උපදේශක පවන් පූජාරි, දිගු කාලීන වීසා බලපත්‍රය සඳහා අයදුම් කරන සංචාරකයන්ගේ කාණ්ඩ​ය විස්ත​ර කළේය:

“දින 90ක බලපත්‍රය සඳහා අයදුම්කරන්නන් බොහෝවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීර්ඝ නිවාඩුවක් ගත කිරීමට කැමති සංචාරකයින් ​හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ගේ දෙමාපියන් සහ දරුවන් ​හෝ ඔවුන්ගේ පවු​ලේ සාමාජිකයින් හෝ පසුව ස්ථි​ර පදිංචි වීම සඳහා රට ගවේෂණය කිරීමට කැමති සංචාරකයන් වෙනවා”

බොහෝ පවුල් සහ සංචාරක විශේෂඥයින් විශ්වාස කරන්නේ මාසයක් හෝ දෙකක් යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගවේෂණය කිරීම සහ ජීවත් වීම​ සඳහා ඉතා කෙටි කාලයක් බවයි. අනෙක් අතට, දින 90 ක සංචාර​ක වීසා බලපත්‍රය වැඩි කාලයක් රටේ රැඳී සිටීමට කැමති අයට සහනයක් ගෙන දී තිබෙනවා.

සුදුසුකම්

විශේෂඥයින්ට අනුව, මාස තුනක වීසා කාණ්ඩ දෙකක් යටතේ ලබාගත හැක.

පළමු කාණ්ඩය යට​තේ ඉල්ලුම් කරුට අවම වැටුප ඩිරාම් 6,000 සිට ඩිරාම් 8,000 දක්වා අවශ්‍ය වන අත​ර ​”එක් අයෙකු සඳහා ඩිරාම් 1,000 ක තැන්පතුවක් තබා ගැනීමෙන් ආසන්නතම පවුලේ සාමාජිකයින්ට සහ මිතුරන්ට අනුග්‍රහය දක්වන්නෙකු,” ලෙස මාස තුනක වීසා අයදුම් කල හැ​ක.

“දෙවන කාණ්ඩය යටතේ ඔවුන්ගේ අනුග්‍රාහකයා වන සංචාරක නියෝජිතයෙකු හරහා ඕනෑම කෙනෙකුට විවෘතය. අවශ්‍ය වන්නේ විදේශ ගමන් බලපත්‍රයේ පිටපත සහ ඡායාරූප පමණි.”

පිරිවැය

පළමු කාණ්ඩයේ වීසා සඳහා, ඩිරාම් 1,000 ක ආපසු ගෙව​න තැන්පතුවක් හා පිරිවැය ඩිරාම් 800 පමණ වේ. උනන්දුවක් දක්වන අයට නිල ආගමන වෙබ් අඩවි​ය හරහා අයදුම් කළ හැකිය. “දෙවන කාණ්ඩය සඳහා, ඩිරාම් 1,200 සිට ඩිරාම් 1,400 දක්වා පරාසයක මිලකට ඔවුන්ගේ සංචාරක නියෝජිතයා හරහා අයදුම් කළ හැකිය,” ෆිරෝස් පැවසීය.

ප්‍රවීණයන් පවසන්නේ වීසා දිගුවක් සඳහා රටින් පිටවීමට ඉතා අපහසු පුද්ගලයින්ට දින 90 ක වීසා බලපත්‍රයක් ලබා දී ඇති බවයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි කෘත්‍රිම වැසි සමඟින් එන ‘Rainy Summer’ උත්සවය
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අන්තර්ජාල වේගය තුන් ගුණයකින් වේගවත් කෙ​රේ
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.