Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»බී-ලව් කැන්ඩි LPL කුසලාන​ය දිනාගනී
Events

බී-ලව් කැන්ඩි LPL කුසලාන​ය දිනාගනී

Stanly KularathnaBy Stanly KularathnaAugust 21, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පාදයේ ආබාධයක් හේතුවෙන් නායක වනිඳු හසරංග විවේක ගෙන සිටියද, අවසන් මොහොත දක්වාම සටන අත් නොහළ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 25) කඩුලු 5 ක ජයක් කරා කණ්ඩායම මෙහෙයවමින්, 2023 LPL තරඟාවලියේ කුසලානය බී-ලව් කැන්ඩි කණ්ඩායමට දිනා දුන්නේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති අවසන් මහ තර​ඟයේදී ලකුණු 148 ක ඉලක්කයක් කරා ගිය බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ පන්ඳුවක් ඉතිරිව තිබියදී කුසලානය තමන් සතුකර ගත්හ.

කැන්ඩි කණ්ඩායමේ තාවකාලික නායකයා වූ මැතිව්ස් පන්ඳුයැවීමේදී තමන්ගේ ඕවර 2 ත් ලකුණු 11 කට සීමාකරගත් අතර ජයග්‍රහණය දක්වාම පිටියේ රැඳී සිටිමින්, නායකත්වයේ භූමිකාව කදිමට ඉටු කළේය.

ලකුණු 148 ක ඉලක්කය කරා යාමේදී සාර්ථක ආරම්භයක් ලබාගත් කැන්ඩි ක්‍රීඩකයෝ සිය 14 වැනි ඕවරයේදී 100 වැනි ලකුණ පුවරුවට එක්කළේ අවසන් ප්‍රහාරය සඳහා කඩුලු අතැතිව තබාගනිමිනි. ඒ වෙනුවෙන් ඉදිරිපෙළ පිතිකරුවෝ සාර්ථක දායකත්වයක් සැපයූහ. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කින් ලකුණු 49 ක් ගොණු කළ මොහොමඩ් හාරිස් (2) සහ කමිඳු මෙන්ඩිස් (44) තර​ඟයේ තාලය තමන්ගේ රිද්මයට ගොඩනැගී​ය.

බී-ලව් කැන්ඩි නායක වනිඳු හසරංග කණ්ඩායමේ නොමැතිවීමෙන් උපරිම ප්‍රයෝජන ගත් ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම සහ කුසල් ජනිත් පෙරේරා එක්ව ලකුණු 147 ක් කරා දඹුල්ල අවුරා කණ්ඩායම කැඳවාගෙන ගියහ.

සෙනසුරාදා පැවැති තර​ඟයේදී පාදයේ දණහිසෙන් ඉහළ කොටසේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංග, අසීරුවෙන් පන්දු යවමින් වුවද ලකුණු 2කට කඩුලු 2 ක් දවාගත්තේය. එහෙත් ඉදිරියේ එන ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරඟාවලි වෙනුවෙන් පරෙස්සම් විය යුතු බැවින් බී-ලව් කැන්ඩි නායකයා අවසන් මහ තර​ඟයෙන් ඉවත්ව සිටියේය.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05 කට දැවී ගිය නමුත් කුසල් මෙන්ඩිස් (22) සහ සධීර සමරවික්‍රම (36) එක්ව පන්ඳු 47 කදී ලකුණු 57 ක් එක්කළහ. එහෙත් මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව නාස්ති කළ නිළකුණු පන්දු 22 නිසා පසුපෙළ පිතිකරුවෝ දැඩි පීඩනයකට ලක්වූවා.

ඕවර 14 ක් නිමාවේදීත් පුවරුවේ සටහන් ව තිබුණේ ලකුණු 84 කි. එනම් ඕවරයකදී ලකුණු 7.00 ක වේගයකි. මොහොමඩ් හස්නයින් යැවූ 15 වැනි ඕවරයේදී පිට පිටම හයේ පහර දෙකක් ගැසූ ධනංජය ද සිල්වා සහ කුසල් පෙරේරා එක්ව අවසන් ඕවර 6 දී ලකුණු 63 ක් ලබාගනිමින් මුලු ලකුණු සංඛ්‍යාව 140 න් ඔබ්බට ගෙන ගියහ. අවසන් ඕවර 6 ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 16, 10, 1, 9, 8 සහ 9 ක් ලෙසිනි.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබී-ලව් කැන්ඩි පිල අවසන් මහා තර​ඟය​ට
Next Article ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියානු ගිනි නිවීම් ක්ෂේත්‍රයේ රැකියා
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ වැඩසටහන් පෙළක්

May 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.