ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට, කොරියානු රැකියා වෙළඳපො​ලේ ක්ෂේත්‍රයන් කිහිපයකට පමණක් සීමා වී තිබූ රැකියා අවස්ථාවන් මේ වනවිට විවිධ ක්ෂේත්‍රයන් වෙත පුළුල් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘතව නොතිබූ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් විවෘත කිරීමට කටයුතු කර තිබෙන අතර ගිනි නිවීමේ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත කිරීම සදහා පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව ගිනි නිවීමේ පුහුණුවීම් ලබාදෙන කොරියානු විශ්ව විද්‍යාලයක නියෝජිතයින් පිරිසක් ලංකාවට පැමිණ සිටින අතර ඔවුන් නවීන උපකරණ හා තාක්ෂණික දැනුම ලබාදී ලංකාවේ ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිතයි.

ඉන් පසුව එම ශ්‍රමිකයින් කොරියානු රැකියා සදහා බ​ඳවා ගැනීමට අපේක්ෂා කරන අතර පුහුණුවීම් කටයුතු සදහා ගාල්ල නගර සභාවට අයත් ගිනි නිවීමේ ඒකකය වැඩි දියුණු කිරීමටද අපේක්ෂිතයි. ඒ අනුව අමාත්‍යවරයා සමග කොරියානු නියෝජිත පිරිස ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය නිරීක්ෂණය කරනු ලැබුවා.

Share.

Comments are closed.