එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි අල් දෆ්රා කලාපයේ ලිවා නගරයේදී සැප්තැම්බර් 21 සිට 30 දක්වා ලිවා ර​ටඉඳි උත්සවයේ දෙවන අදියර පවත්වනු ලබනවා.

උත්සවයේ රටඉඳි වෙන්දේසියේදී, රට ඉඳි කිලෝවක් ඩිරාම් 6,000 කට වඩා වැඩි මිලකට විකිණෙනු ඇ​ත. මෙම අදියරේදී ජෝර්දානය ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස පිලිගැනීමට නියමිතයි.

Al Dhafra කලාපයේ පාලකයාගේ නියෝජිත Sheikh Hamdan bin Zayed Al Nahyan ගේ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන මෙම උත්සවය සංස්කෘතික වැඩසටහන් සහ උරුම උත්සව කමිටුව සහ අබුඩාබි, Emirates Heritage Club සමඟ සහයෝගයෙන් සංවිධානය කරයි.

මෙම උත්සවය, ර​ටඉඳි අස්වනු සමය සැමරීමක් වන අතර එමරාති සංස්කෘති​යේ අත්‍යවශ්‍ය අංගයක් වන ඉඳි ගස සහ එහි විවිධ නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කරයි. දේශීය නිෂ්පාදන සහ ගොවීන් ප්‍රවර්ධනය කිරීම ද එහි අරමුණක් වෙනවා.

උත්සවයට සහභාගීවන්නන් සඳහා ත්‍යාග ලබාදීමත්, සංස්කෘතික සංදර්ශන සහ සංග්‍රහයන්ද ඇතුලත් වනවා.

උත්සවයේ රටඉඳි හැරුණු විට, මී පැණි සහ ඔලිව් තෙල් නිෂ්පාදන, චිත්‍ර ඇඳීම්, ඡායාරූප ගැලරිවලට අමතරව, දේශීය අත්කම් සඳහා අවධානය යොමු කරන සජීවී ප්‍රසංගද සහ සහභාගීවන්නන් අතර විවිධ වයස් කාණ්ඩ සඳහා පුහුණු සහ අධ්‍යාපනික වැඩසටහන්ද සංවිධානය කොට තිබෙනවා.

Share.

Comments are closed.