ඩුබායි පදනම් කරගත් ගුවන් සේවයක් වන එමිරේට්ස් හි A380-800, EK77 ගුවන් යානයක් ප්‍රංශයේ නයිස් සි​ට ඩුබායි වෙත ආපසු යාමට නියමිතව තිබූ ගුවන් ගමන අවලංගු කර ඇති බව වාර්තා විය.

ගුවන් සේවා ආරක්ෂණ ජාලයෙන් ලබාගත් තොරතුරුවලට අනුව, තට්ටු දෙකේ දැවැන්ත ගුවන් යානය එහි ගමන අතරතුර ඩ්‍රෝන යානයක ගැටී ඇති බව වාර්තා වි​ය.

එමිරේට්ස් යානය ඩුබායි වෙත ආපසු යාමට නියමිතව තිබූ ගුවන් ගමන අවලංගු කළ බව වාර්තා වූ අතර, ගුවන් යානය ගොඩබස්වා ඇත. ඩ්‍රෝන යානයේ ගැටීම හේතුවෙන් ගුවන් යානයේ ඉදිරි කොටසක​ට හානි සිදු වී ඇත.

ආරක්ෂාව සහ අලුත්වැඩියාව සඳහා EK 77 ගුවන් යානය ගොඩ බැස්ස බවත් මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ගොඩ බැස්සූ බවත් එමිරේට්ස් සමාගම තහවුරු කරඇ​ත. ගොඩබෑමෙන් පසු, ඉංජිනේරුවන් විසින් කල පරීක්ෂණයේදී දකුණු තටුවට යම් හානියක් සිදුවී ඇති බව සොයා ගත් අතර, වැඩිදුර තක්සේරු කිරීම් සඳහා යානය ගො​ඩබිමෙහි නවතා ඇත.

මෙම සිද්ධියට ප්‍රතිචාර වශයෙන් අලුත්වැඩියා කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. යානයේ හානියට පත් ඉදිරි කොටස සාර්ථකව ප්‍රතිස්ථාපනය කරන ලද අතර, හානියේ තරම පිළිබඳව හොඳින් තක්සේරු කිරීමට හැකි විය.

ප්‍රංශයේ බලධාරීන් මෙම තත්වයට ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් විය. BEA ලෙස හැඳින්වෙන ප්‍රංශ විමර්ශන මණ්ඩලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාකාරීව විමර්ශනය කරන බව තහවුරු කළේය.

කෙසේ වෙතත්, මෙම ගැටුමට සත්‍ය වශයෙන්ම ඩ්‍රෝන යානය වගකිව යුතුද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීමට මේ වන විටත් ඔවුන්ට නොහැකි වී තිබේ.

එමිරේට්ස් එයාර්ලයින් එයාර්බස්  A380-800 නැවත සේවා ආරම්භ කළ බව වාර්තාවේ සඳහන් වන අතර මෙම සිද්ධියට වගකිව යුතු යැයි කියන ඩ්‍රෝන ක්‍රියාකරු මෙතෙක් හඳුනාගෙන නොමැත.

Share.

Comments are closed.