ඩුබායිහි රෝව් හෝටල් සමූහ​ය නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා තම හෝටල් ජාලයෙහි වෙන් කරවා ගන්නා සෑම කාමරයක් සඳහාම ගසක් සිටුවීමට ප්‍රතිඥා දී ඇත. එය තිරසාර මුලපිරීම COP28 සමඟ අනුකූල වන අතර W&A කොන්සියුලර් සහ Eden Reforestation ව්‍යාපෘති සමඟ හවුල් වේ. COP28 සමුළුවට සහභාගී වන බොහෝ දෙනෙකුගේ අපේක්ෂිත ඉල්ලුම සමඟ වසර අවසානයට පෙර සියළුම ගස් සිටුවනු ලැබේ.

Expo City පරිශ්‍රයේ ඇති Rove හෝටල​යේ මෙම සමුළුව පැවැත්වෙන අතර, පෘථිවියේ දේශගුණික අර්බූදය පිළිබඳව සාකච්ඡා කිරීමටත්, දේශගුණික විපර්යාස සීමා කිරීමේ සමස්ත ඉලක්කය වෙත ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අරමුණින් සාකච්ඡා සහ විවාද ඇතුළත්වන අතර ලොව පුරා නියෝජිතයින් එහිදී එක්රැස් වීමට නියමිතයි.

Rove Hotels හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, Paul Bridger පැවසුවේ, “වසර අවසන් වන විට අපි අවම වශයෙන් ගස් 28,000 ක් වත් සිටුවනු ලබන මෙම මුලපිරීම නිවේදනය කිරීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. මෙම ව්‍යාපෘතිය පරිසරයට බලපෑම් කිරීමට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රයත්නයන්ට ධනාත්මක ලෙස සහාය වීමට අපගේ අධිෂ්ඨානය පිළිබිඹු කරයි. සෑම වෙන් කිරීමක් සඳහාම ගස් සිටුවීමෙන්, දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනට අප හා එක්වීමට අන් අයව පෙලඹවීම අපගේ අරමුණයි.

ආගන්තුක සත්කාර සන්නාමය සහ පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය, දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කැප වූ රාජ්‍ය නොවන සංවිධානයක් වන Eden Reforestation Projects සමඟ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

Share.

Comments are closed.