ඩුබායි මහ නගර සභාව විසින් ඩුබායිහි අධ්‍යාපනික සහ වාණිජ ආයතන 500 කට අධික සංඛ්‍යාවක් සඳහා ආරක්‍ෂිත සහ මහජන සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම සඳහා පරීක්‍ෂණ සහ නියාමන ව්‍යාපාර තීව්‍ර කර තිබෙනවා. එළඹෙන 2023-2024 අධ්‍යයන වර්ෂය සඳහා සූදානම් වීම සඳහා සිදු කරන ලද “Our Schools are Healthy and Safe” යන නගර සභාවේ වාර්ෂික මුලපිරීමේ කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇත.

නිල ඇඳුම් සහ ආහාර බහාලුම් වැනි දේට අමතරව අනෙකුත් පාසල් සැපයුම් අත​ර ආහාර, පානීය ජලය සහ පිහිනුම් තටාකවල ආරක්ෂාව සහතික කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණයි. මෙය ඩුබායි පුරා පිහිටි අධ්‍යාපනික සහ වාණිජ ආයතනවල ආරක්‍ෂිත ප්‍රමිතීන් පවත්වා ගැනීමත්, එමගින් ප්‍රජා සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් අරමුණු කරගත් දිගුකාලීන​ව ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට නගර සභාව දරන ප්‍රයත්නයන්ට අනුකූල වේ.

අධ්‍යාපන ආයතනවල ආහාර සුරක්ෂිතතාව

අධිකාරිය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා පාසල්, ළදරු පාසල් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථා​න ඇතුළු අධ්‍යාපන පහසුකම් හරහා පරීක්ෂණ ව්‍යාපාර ගණනාවක් පවත්වන ලදී. අනුමත මහජන සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීමට අමතරව, අනෙකුත් වාණිජ ආයතන විසින් පිරිනමනු ලබන ආහාර නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය අධීක්ෂකවරයෙකුගේ පැමිණීම මහ නගර සභාව විසින් තවදුරටත් සහතික කරන ලදී. සිසුන්ට පෝෂ්‍යදායී, ආරක්‍ෂිත සහ උසස් තත්ත්වයේ ආහාර ලබා දෙන බව සහතික කරමින් අධ්‍යාපන ආයතනවලට ආහාර සපයන සමාගම්වලට නගර සභාව විසින් බලපත්‍ර 216 ක් පමණ නිකුත් කරනු ලැබේ.

රසායනාගාර පරීක්ෂණ

ඩුබායි මධ්‍යම රසායනාගාරයේදී පරීක්ෂා කිරීම සඳහා වාණිජ හා අධ්‍යාපන ආයතනවලින් සාම්පල 700ක් ද මහ නගර සභාව විසින් ලබාගෙන ඇත. මෙම සාම්පලවලට ටැංකි, පිහිනුම් තටාක සහ ශීතකරණ වලින් ලබාගත් ජල සාම්පල 400ක් ඇතුළත්ව ආරක්ෂිත සහ තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලද යන්න තහවුරු කර ඇත. මීට අමතරව, නගර සභාව විසින් වාණිජ වෙළඳසැල් 30 කින් ආහාර බහාලුම් සහ ජල බෝතල් සාම්පල 305 ක්​ද පරීක්ෂා කරන ලදී.

පරීක්ෂණයේ කොටසක් ලෙස, ඩුබායිහි විකිණීමට සහ වෙළඳාම් කිරීමට පෙර පාසල් නිල ඇඳුම්ව​ල අනුකූලතාව සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පාසල් නිල ඇඳුම් සාම්පලද පරීක්ෂා කරන ලදී. ඩුබායිහි අධ්‍යාපන ආයතන විසින් තහවුරු කරන ලද සහතික සහිත පාසල් නිල ඇඳුම් සපයන සමාගම් සමඟ හවුල් වීමේ වැදගත්කම තවදුරටත් අවධාරණය කර ඇත.

ඩුබායි මහ නගර සභාව විසින් අනුමත ප්‍රමිතීන් සහ පිරිවිතරයන් සපුරා ඇති බව සහතික කිරීම සඳහා ගොඩනැගිලි පරීක්ෂා කිරීමේ පියවර කිහිපයක්​ද ක්‍රියාත්මක කරන ලදී. පාරිසරික ආරක්ෂාව සහතික කිරීම සඳහා ආයතන ජලය, වායු සමීකරණ සහ වාතාශ්‍ර පද්ධති නඩත්තු කරන ආකාරය පිළිබඳ සඵලතාවය ද ඔවුන් විසින් ඇගයීමට ලක් කරන ලදී. ටැංකි සහ අභ්‍යන්තර බෙදාහැරීමේ පද්ධතිය සඳහා පිරිසිදු කිරීමේ සහ ජීවානුහර​ණ වාර්තා තිබීම සහතික කිරීම මෙන්ම එහි ආරක්ෂාව සහතික කරන අනුමත රසායනාගාර වාර්තා පරීක්ෂා කිරීම​ද මෙම පියවරයන්ට ඇතුළත් විය.

නවතම අධීක්ෂණ ව්‍යාපාර සමඟින්, ඩුබායි මහ නගර සභාව ඩුබායි හි සිසුන් සඳහා ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න ඉගෙනුම් පරිසරයක් සහතික කිරීමට සිය දැක්ම යලි තහවුරු කරන අතරම සමස්ත පාරිසරික ආරක්ෂාව සහ ප්‍රජා සුවතාවය ප්‍රවර්ධනය කරයි.

Share.

Comments are closed.