එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අගෝස්තු 26 ඊයේ දින​යේ වසරේ උණුසුම්ම දිනය වාර්තා කළ අතර එය සෙල්සියස් අංශක 50.8 දක්වා ඉහළ ගියේය.

මීට පෙර ජූලි මාසයේදී, මෙම ගිම්හානයේදී පළමු වතාවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ගියේය.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව, රට පුරා ඉහළම උෂ්ණත්වය වාර්තා වූයේ අබුඩාබි හි අල් ධෆ්‍රා කලාප​යෙ හි පස්වරු 2:45 ට ය.

මීට පෙර ජූලි මාසයේදී, අබුඩාබියේ අල් ධෆ්‍රා කලාපයෙහිම ජූලි 15 සහ 16 යන දිනවල අඛණ්ඩව දින දෙකක් සඳහා සෙල්සියස් අංශක 50.1 දක්වා උෂ්ණත්වය ​ඉහ​ල නැගීමත් සමඟ මෙම ගිම්හානයේදී උෂ්ණත්වය ප්‍රථම වතාවට සෙල්සියස් අංශක 50 සීමාව ඉක්මවා ගියේය.

මෙම මස මුලදී, අගෝස්තු 2 වන දින අල් ධෆ්‍රා කලාපයෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50.2 දක්වා ඉහළ ගියේය. පසුව අගෝස්තු 25 වන දින උෂ්ණත්වය සෙල්සියස් අංශක 50.3 දක්වා ළඟා විය.

Share.

Comments are closed.