මත්ද්‍රව්‍ය භාවිතයට අනුන්ට බලපෑම් කිරීම අපරාධයක් බවත් එසේ කරන පුද්ගලයින්ට සිරදඬුවම් මෙන්ම විශාල දඩයකටද මුහුණ දීමට සිදුවන බවත් ඩුබායි හි නීතිපති දෙපාර්තමේන්තුව මහජනතාවට මතක් කර දී තිබේ.

මත්ද්‍රව්‍ය සහ මනෝචිකිතිස​ක ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කිරීම ​හෝ වෙනත් පුද්ගලයෙකු පොළඹවා ගැනීම අපරාධයක් ලෙස සලකන බවත්, එම අපරාධයට අවම වශයෙන් වසර පහක සිරදඬුවමක් මෙන්ම අවම වශයෙන් ඩිරාම් 50,000 ක දඩයක් ද හිමිවන බව බලධාරීහු පවසති.

මේ අතර, මත්ද්‍රව්‍ය හෝ මනෝචිකිතිස​ක ද්‍රව්‍ය මිලදී ගැනීම සහ භාවිතා කිරීමේ අරමුණින් මුදල් හුවමාරු කිරීම සම්බන්ධයෙන් දැඩි දඬුවම් ද ඇත.

මත්ද්‍රව්‍ය සහ මනෝචිකිතිස​ක ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් 2021 අංක 30 දරන ෆෙඩරල් ආඥා පනතේ 64/1 වගන්තියට අනුව, යම් පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම හෝ භාවිතා කිරීම සඳහා (තමන් විසින්ම හෝ තෙවන පාර්ශවයක් හරහා) මුදල් තැන්පත් කරන්නේ නම් හෝ හුවමාරු කරන්නේ නම්, ලබා දෙන දඬුවම සිරගත කිරීමක් හෝ ඩිරාම් 50,000 ට නොඅඩු දඩයක් වනු ඇත.

මේ අතර, මත්ද්‍රව්‍ය භාවිතය සඳහා අරමුදල් සපයන්නන්ට සිරගත කිරීමට මෙන්ම ඩිරාම් 50,000 ට නොඅඩු දඩයකටද යටත් විය හැකිය.

Share.

Comments are closed.