මධ්‍යම දේපල වෙලඳපොල සහ ඉහළ මට්ටමේ දේපල වෙළඳාම් කෙරෙහි ආයෝජකයින්ගේ උනන්ඳුව හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය​ය දේපල වෙළඳාම් සඳහා මෙම වසර වාර්තාගත වසරක් ලෙස සනිටුහන් වෙයි. අබුඩාබි සහ ඩුබායිහි නේවාසික දේපල වෙලඳපොලවල වර්ධනය වසරේ පළමු අර්ධය තුළ අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව නිශ්චල දේපල උපදේශක CBRE හි ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පැවසීය.

2023 වසරේ පළමු භාගයේදී අබුඩාබිහි මුළු දේපළ වෙළඳාම් සංඛ්‍යාව වසරින් වසර 94.1% කින් ඉහළ ගොස් ඇති අතර එහි සැලසුම් සහගත නොවන ගනුදෙනුවල 160.4% ක වැඩිවීමක් මගින් මෙහෙයවනු ලැබූ බව සමාගමේ UAE Real Estate Market Outlook මැද-වසර සමාලෝචනයෙන් අනාවරණය වි​ය.

අබුඩාබිහි සාමාන්‍ය විලා ඒකක ව​ල මිල වාර්ෂික පදනමින් ඉහ​ල වේගයකින් වර්ධනය වීමට පටන් ගෙන ඇති අතර, මහල් නිවාස සඳහා වර්ධන වේගය 2023 හි දෙවන කාර්තුවෙහි මධ්‍යස්ථ වී ඇත. කෙසේ වෙතත්, වසර පුරාවට මෙම ප්‍රවණතාවය ආපසු හැරෙනු ඇතැයි අපි තවමත් අපේක්ෂා කරමු.

ඩුබායිහි, නිශ්චල දේපල ගනුදෙනු වල මුළු පරිමාව 2023හි පළමු භාගයේදී වාර්තා බිඳ දැමූ අතර එය වසරින් වසර 43.3% කින් වැඩි විය. මෙම ඉල්ලුම වැඩිවීම ද අපේක්ෂිත මිල වර්ධනයට වඩා ඉහළ අගයක් ගෙන ඇත.

කුලී පදනම සැලකිල්ලට ගැනීමේදී, ඩුබායි හි සාමාන්‍ය කුලී වර්ධන වේගය වසරේ පළමු මාස හය තුළ මධ්‍යස්ථ වී ඇත. අබුඩාබි හි, කුලී වෙලඳපොල අද දක්වා පුරෝකථනය කර ඇති පරිදි ක්‍රියා කර ඇත.

“ඩුබායිහි, ඉල්ලුම තරමක් නරක අතට හැරෙනු ඇතැයි අපි අපේක්ෂා කළෙමු, නමුත් අපි වසරින් වසර 43% ක පමණ වැඩිවීමක් දුටුවෙමු, ගනුදෙනුවල මෙම ඉහළ වර්ධනය ඩුබායිහි ද මිල වර්ධනයක් දක්නට ලැබෙන බව මින් අදහස් වේ,” ඔහු පැවසීය.

“විශේෂයෙන්ම ලෝකයේ විවිධ පැතිවලින් පැමිණෙන සියලුම අයගෙන් ඉහළ-අන්තයේ සිට මැද-වෙළඳපොල දක්වා වෙළඳපොලේ විවිධ කොටස් වල​ට විශාල උනන්දුවක් ඇති බව අපි දකිමු. ආසියාවේ සහ යුරෝපයේ ආයෝජකයින් පැමිණෙන බව අපි දකිමු, එබැවින් පසුගිය වසරේ සංඛ්‍යාවන් ඉතා සුවපහසු ලෙස අභිබවා යනු ඇතැයි අපි සිතන්නෙමු”

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මධ්‍ය-වෙළඳපොල අංශය කෙරෙහි ජාත්‍යන්තර ආයෝජකයින්ගේ දැඩි උනන්දුවක් දැක ඇති අතර, මෙම කොටසේ මෙන්ම ප්‍රධාන දේපල වෙළඳාම් වල වැඩි ආයෝජක ක්‍රියාකාරකම් ප්‍රක්ෂේපණය කරමින් කැපී පෙනෙන වසරක් නිරීක්ෂණය කලා” ඔහු පැවසීය.

Share.

Comments are closed.