ඩුබායි ක්‍රීඩා කවුන්සිලය (DSC) විසින් 5 වන කම්කරු ක්‍රීඩා තරඟාවලිය ලබන මස මුලදී ඩුබායිහි ස්ථාන 10 කදී දියත් කරන බව නිවේදනය කොට තිබෙනවා.

ඩුබායිහි කම්කරු කටයුතු පිළිබඳ ස්ථිර කමිටුව සහ ඩුබායි පොලිසිය සමඟ එක්ව පැවැත්වෙන මෙම තරඟාවලිය ක්‍රීඩා තර​ඟ 11කින් සමන්විත වෙනවා. “ඔවුන්ගේ සතුට අපගේ ඉලක්කය” යන තේමාව යටතේ මෙම උත්සවය 2023 සැප්තැම්බර් 3 වනදා සිට 2024 මාර්තු 13 දක්වා පැවැත්වෙනවා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී තරඟාවලියේ විස්තර ප්‍රකාශයට පත් කරමින් DSC හි මහලේකම් Saeed Hareb පැවසුවේ තරඟ මාස හයක් ඇතුළත පැවැත්වෙන බවත් සහභාගිවන්නන් විවිධ ස්ථාන 11 කදී පැවැත්වෙන ක්‍රීඩා තරඟ 11 කට තරඟ කරන බවත්ය.

පැසිපන්දු, පාපන්දු, දිවීම්, arm wrestling, බැඩ්මින්ටන්, වොලිබෝල්, පිහිනුම්, කඹ ඇදී​ම, යෝග, ක්‍රිකට් සහ කබඩි යන ක්‍රීඩා තරඟාවලියට ඇතුළත් වේ.

වත්මන් තරඟාවලි​යේ වොලිබෝල් සහ බැඩ්මින්ටන් තරඟ සඳහා ප්‍රථම වරට කාන්තා සහභාගීත්වයක් දැකිය හැ​ක.

තරඟාවලිය පැවැත්වෙන ස්ථාන වනුයේ: Jebel Ali, Al-Quoz, Al-Jeddaf, DP World, DUTCO, Dulsco, ENOC නේවාසික සංකීර් ණය, Qusais, Muhaisna 4 සහ Al-Ghurair නේවාසික සංකීර්ණය.

Share.

Comments are closed.