වසර 4කට පමණ පසුව ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති එක්දින තර​ඟයට වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙන් එම තරඟය විසඳුමකින් තොරව අවසන් විය.

තර​ඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48.5කදී ලකුණු 266කට සීමා කිරීමට පාකිස්තානයේ ෂාහීන් ෂා අෆ්රිඩී ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත්වූ​හ.

ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 66කදී දවා ගැනීමට පාකිස්තානය සමත්විය. කෙසේ වෙතත් ඉෂාන් ක්‍රිෂාන් හා හර්දික් පාන්ඩ්‍යා පස්වැනි කඩුල්ලට ලකුණු 138ක සාර්ථක සබඳතාවක් පවත්වමින් ඉන්දීය ඉනිම ගොඩ නැංවීය.

ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා, විරාත් කෝලි, හර්දික් පාන්ඩ්‍යා හා රවීන්ද්‍ර ජඩේජා දවා ගැනීමට අෆ්රිඩී සමත්විය.

තර​ඟය විසඳුමකින් තොරව අවසන්වීම හේතුවෙන් දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවූ අතර ඒ අනුව පාකිස්තානය සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

Share.

Comments are closed.