ලෝක පොල් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ දෙවන පොල් ත්‍රිකෝණය ඊයේ උතුරු පළාතේදී දියත් කරන ලදී.

ඒ අනුව යාපනය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක එක්ව මෙරට දෙවන පොල් ත්‍රිකෝණය පිහිටුවා ගත් අතර එය යාපනය පලෙයි පොල් ආදර්ශ උද්‍යානයේ පැවති උත්සවයකදී නිල වශයෙන් එළිදැක්විණි.

මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත පුළුල් පරාසයක ප්‍රතිලාභ හේතුවෙන් ඉල්ලුමේ පැහැදිලි වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති අතර, මේ අනුව, මෙම වසරේ පොල් ආශ්‍රිත භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 700 ක ආදායමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, ඉදිරි වසර දහය තුළ පොල් ආශ්‍රිත භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

දෙවන පොල් ත්‍රිකෝණයක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව මතුවූයේ, දේශීය පොල් නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක් දේශීය පරිභෝජනය සඳහා වන අතර අපනයනය සඳහා තුනෙන් එකක් පමණක් භාවිතා වන බැවිනි.

මේ අනුව, අපනයන විභවය වැඩි කිරීම සඳහා, මෙම තත්ත්වය වෙනස් කළ යුතු අතර, ඒ සඳහා දෙවන පොල් ත්‍රිකෝණය දියත් කිරීම​ට හේතු විය.

Share.

Comments are closed.