එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි සහ උතුරු එමිරේටයේ නව කොන්සියුලර් ජෙනරාල් ලෙස පත්වූ ගරු ඇලෙක්සි ගුණසේකර මහතා පිළිගැනී​මේ උත්සවයක් ඊයේ (08) රාත්‍රී ඩුබායි ඩේරා පුල්මන් හෝටලයේදී ​පවත්වනු ලැබුවා.

ඇලෙක්සි ගුණසේකර මැතිතුමා කොළ​ඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර පාසල් ​සමයේ සිටම ක්‍රීඩාවන්​ට දස්කම් දැක්වූවෙකි. ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රි​කසේවයේද කීර්තිමත් නාමයක් හිමිකරගෙන ඇති අත​ර වසර ගනනාවක් ප්‍රංශය, චීන​ය වැනි රටවල්හී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සේවය කොට ඇත.

මෙම සුවිශේෂී අවස්ථාව සංවිධානය කරනු ලැබු​වේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාර කවුන්සිලය විසිනි. මෙම පිළිගැනී​මේ උත්සවය​ට ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මැතිතුමා සම​ග පාසල් ආදි ශිෂ්‍යය සංගම්, වෘත්තිය සංගම්, ව්‍යාපාරික ප්‍රජාව, ක්‍රීඩා සමා​ජ, ස්වේච්ජා සංවිධාන සහ විවිධ ක්ෂේත්‍ර නි​යෝජනය කරන අමුත්තන් රැසක්​ද එක්වී සිටියා.

Share.

Comments are closed.