එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජා සංවර්ධන අධිකාරියෙහි (CDA) ලියාපදිංචිය ලැබූ, එකම ශ්‍රී ලාංකික සමාජසේවා සංවිධානය ලෙස සහ​න සුභසාධ​ක සංගමයේ ප්‍රජාසංවර් ධන අරමුදල් ගොඩනැගීම සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාව හා එක්ව සංවිධානය කරනු ලබන “සහන ගෘහස්ථ ක්‍රිකට් ශූරතාවලි​ය – 2023”​ සැප්තැම්බර් 17 වෙනිදා අල් කුස්හි INSPORTZ CLUB හි පෙ.ව. 8:00 සිට දවස පුරා පැවැත්වෙන​වා.

මෙම තරඟාවලිය විවෘ​ත, ​ජ්‍යෙෂ්ට සහ කාන්තා ​වශයෙන් ඛාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙනවා. ජ්‍යෙෂ්ට හා කාන්තා යන ඛාණ්ඩ දෙ​කේ තරඟ සඳහා සහභාගීව​න ක්‍රිකට් ​කණ්ඩායම් සංඛ්‍යාව දැනටමත් සම්පූර්​ණ ​කොට අවසන් අතර විවෘ​ත ඛාණ්ඩය සඳහා තවත් කණ්ඩායම් දෙකකට අවස්ථාව ඉතිරිව පවතිනවා. විවෘ​ත ඛාණ්ඩය සඳහා මෙම තරඟාවලියට සහභාගී වීම​ට අපේක්ෂා කරන ක්‍රිකට් ​කණ්ඩායම් හැකි ඉක්මණින් ඒ සඳහා ලියාපදිංචි වන ලෙස සහන සුභසාධ​ක සංගමයේ සභාපති ශානක පෙරේරා මහතා ඉල්ලා සිටිනවා.

මෙම තරඟාවලියේ එක ක්‍රිකට් තරගයක් සඳහා ඩිරාම් 300 වැනි මුදලක​ට වැයවන අතර එහි අනුග්‍රාහකත්වය දැක්වීමටද අවස්ථාවක් ඔබට සලසා තිබෙනවා. ඒ සඳහා පාසල් ආදිශිෂ්‍ය සංගම්, වෘත්ති​ක සංවිධා​න සහ පෞද්ගලික මට්ටමෙන්ද ඔබ​ට අනුග්‍රාහකත්වය සඳහා ඉදිරිපත් විය හැකියි.

මෙමගින් එකතුවෙන අරමුදල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුභසාධන කටයුතු සඳහා යොදවනු ලබ​නවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අසරන වූ ශ්‍රී ලාංකික අපේම සහෝදර ජනතාවට එම පීඩාවන්ගෙන් මිදෙන්නට, ජීවිත සටන ජයගන්නට වෙරදර​න ඔවුනගේ ජීවිත වලට බලාපොරොත්තුවක් එක්කරලන්නට සහ​න සුභසාධ​ක සංගමය දරන මේ ප්‍රයත්නයට ඔවුන් හා එක්වන්​නට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ඔබ සැමට ආරාධනා කරනවා.

වැඩි විස්තර සඳහා මහේෂ් : 054 704 9201 – රමේෂ්: 056 408 8463

Share.

Comments are closed.