ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට (NCM) අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා අහස හිරු රශ්මියෙන් හෝ අර්ධ වශයෙන් වළාකුළු සහිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බදාදා දිනයේදී අධික උෂ්ණත්වය සහ දූවිලි සහිත තත්ත්වයන් අපේක්ෂා කරන බැවින් පිටතට යන්නේ නම් පූර්වාරක්ෂාව ගන්නා ලෙස ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය ප්‍රකාශ කොට තිබෙනවා.

ඩුබායි, සාජා සහ අජ්මාන් වැනි සමහර වෙරළබඩ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාමාන්‍යයෙන්, උෂ්ණත්වය ඉහළ තිස් ගණන්වල පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අත​ර උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 46ක් සහ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 දක්වා පහත වැටීමත් සිදුවිය හැ​ක. ඩුබායිහි දැනට සෙල්සියස් අංශක 33 ක උෂ්ණත්වයක් පවතින අතර මීදුම් සහිත අහසක් පවතී.

උපරිම ආර්ද්‍රතාවය 90% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අබුඩාබි​යේ බටහිර ප්‍රදේශවල රාත්‍රී සහ බ්‍රහස්පතින්දා උදෑසන ආර්ද්‍රතාවය ඉහළම අගයක් අපේක්ෂා කෙරේ. පැයට කිලෝ මීටර් 10ත් 25ත් අතර වේගයකින් වරින් වර සුළං හැමීමත් එය සමහර අවස්ථාවලදී පැයට කිලෝමීටර් 35 දක්වා  ඉහල යාමත් සිදු විය හැකිය. විටින් විට විශේෂයෙන් දිවා කාලයේදී සුළඟින් දූවිලි හා වැලි වාතයට එක්ව හමා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දූවිල්ලෙන් පෙනීමට බාධා ඇති විය හැකි බැවින් රියදුරන් මාර්ග භාවිතයේදී ප්‍රවේශම් විය යුතුය. අසාත්මිකතාවන්ගෙන් පෙළෙන අය ද එළිමහන​ට යාමේදී පූර්වාරක්ෂාව ගත යුතුය. අරාබි ගල්ෆ් කලාපයේ තත්ත්වය තරමක් සන්සුන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ

Share.

Comments are closed.