ඩුබායි හි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායිහි විධායක කවුන්සිලයේ සභාපති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් විසින් සමුද්‍ර ප්‍රවාහන ප්‍රධාන සැලැස්ම 2030 අනුමත කර ඇත. මෙම සැලැස්ම​ට සමුද්‍ර ප්‍රවාහන ජාල​ය 188% කින් පුළුල් කිරීම, මගී මාර්ගවල 400% කින් වැඩි කිරීම සහ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතයෙන් ලොව ප්‍රථම විද්‍යුත් ආබ්‍රා නිෂ්පාදනය කිරීම ඇතුළත් වේ.

ෂෙයික් හම්දාන් මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) ක​ල සංචාරය අතරතුර, ඩුබායිහි සමුද්‍ර ප්‍රවාහන ප්‍රධාන සැලැස්ම 2030 සමාලෝචනය කළේය. මාර්ග හා ප්‍රවාහන අධිකාරියේ (RTA) විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සහ සභාපති මටාර් අල් ටයර් විසින් සැලැස්මේ ප්‍රධාන අංගයන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ඔහුට ලබා දෙන ලදී.

2030 වන විට වාර්ෂිකව මිලිය​න14.7 සිට මිලිය​න 22.2 දක්වා සමුද්‍ර ප්‍රවාහනය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 51% කින් වැඩි කිරීම මෙම සැලැස්මේ අරමුණයි. මීට අමතරව, එය සමුද්‍ර ප්‍රවාහන ජාලයේ මුළු දිග කිලෝමීටර 55 සිට 158 දක්වා 188% කින් වැඩි වීමක් ඇතුලත්​වේ.

සැලැස්මේ තවත් ප්‍රධාන අංගයක් ලෙස ඩුබායි ක්‍රීක්, ඩුබායි ජල ඇළ, අරාබි ගල්ෆ් වෙරළ තීරය ඇතුලත් විවිධ ජලාශ්‍රිත ව්‍යාපෘති ඔස්සේ සමුද්‍ර ප්‍රවාහන ස්ථාන 48 සිට 79 දක්වා ඉහළ යනු ඇත.

මගී ප්‍රවාහන මාර්ග හතේ සිට 35 දක්වා වැඩි කිරීම මගින් 400% ක වැඩිවීමක් සනිටුහන් කිරීම, සමුද්‍ර ප්‍රවාහන ඇණිය 32% කින් වැඩිකිරීම සමග සමුද්‍ර යාත්‍රා 196 සිට 258 දක්වා පුළුල් කිරීමද සැලැස්මට ඇතුළත්ය.

ෂෙයික් හම්දාන් විසින්, පුද්ගලික අංශය සමග සහයෝගීතාවයෙන් 3D මුද්‍රණ තාක්ෂණය භාවිතා කරමින් ලොව ප්‍රථම විද්‍යුත් අබ්‍රා නිෂ්පාදනය කිරීමට RTA හි මුලපිරීම සමාලෝචනය කරන ලදී.

මගීන් 20 දෙනෙකු රැගෙන යාම සඳහා නිර්මාණය කර ඇති ත්‍රිමාණ මුද්‍රිත බෝට්ටුවේ පැරණි ආබ්‍රා වල සෞන්දර්යය සහ උරුම​ය මිශ්‍රවූ මෝස්තරයක් ඇතුළත් වේ. ඩුබායි ත්‍රිමාණ මුද්‍රණ ක්‍රමෝපාය සමඟ සමගාමීව, මෙම මුලපිරීම නිෂ්පාදන කාලය 90% කින් අඩු කරන අතර 30% ක පිරිවැය ඉතිරියක් ලබා දෙයි.

Share.

Comments are closed.