Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දීය පාකිස්තාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

May 16, 2025

Global Village වාරය අවසන් වන විට 70% දක්වා වට්ටම්

May 16, 2025

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ වැඩසටහන් පෙළක්

May 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»MoHRE»UAE, ගෘහ සේවකයන් බඳවා ගැනීමේ නියෝජිතායතන බලපත්‍ර 2ක් අවලංගු කරයි
MoHRE

UAE, ගෘහ සේවකයන් බඳවා ගැනීමේ නියෝජිතායතන බලපත්‍ර 2ක් අවලංගු කරයි

Stanly KularathnaBy Stanly KularathnaSeptember 14, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යය රට තුළ ගෘහ සේවිකාවන් ආරක්ෂා කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බැවින් බඳවා ගැනීමේ ආයතන දෙකක බලපත්‍ර අවලංගු කර තිබේ. ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ නියෝජිතායතන සඳහා බලපත්‍ර ලබා දීම සහ නියාමනය කිරීම පිළිබඳ 2022 අමාත්‍ය යෝජනාව 676ට අනු​ව එහි විධායක රෙගුලාසි පිළිබඳ 2022 ෆෙඩරල් නීතිය 9 හි දක්වා ඇති බැඳීම්වලට අනුකූල වීමට අපොහොසත් වීම නිසා මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ආයතන දෙකක බලපත්‍ර අවලංගු කර ඇත.

එම ඒජන්සි දෙක වන්නේ ඩුබායි හි ෂම්මා අල් මහයිරි ගෘහ සේවක සේවා මධ්‍යස්ථානය සහ අජ්මාන් හි අල් බාර්ක් ගෘහ සේවක සේවා මධ්‍යස්ථානයයි.

මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය මෙසේ පැවසීය: “මෙම පියවර, අදාළ සියලුම පාර්ශවයන් නීතියට අනුකූල බව සහතික කිරීම සඳහා ගෘහ සේවක බඳවා ගැනීමේ ආයතනවල මෙහෙයුම් නියාමනය කිරීම සහ සංවිධානය කිරීම සඳහා අමාත්‍යාංශයේ අඛණ්ඩ උත්සාහයේ කොටසකි. මෙම කාර්යාලවල පැහැදිලි නීතිමය උල්ලංඝනයන් සිදු කර ඇති බව සොයා ගෙන තිබෙනවා. ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමත් සම​ග සේවකයින්ගේ තත්ත්වයන් නිරාකරණය කිරීම, ගෘහ සේවිකාවන්ගේ සහ සේවා යෝජකයින් යන දෙඅංශයේම වගකීම් ඉටු කිරීම සහ මේ දිනය දක්වා ගෙවිය යුතු දඩ මුදල්​ද ගෙවීමට සිදු​වේ.”

මෙම ආයතනවලට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අමාත්‍යාංශය අදාළ පළාත් පාලන ආයතන වෙත දැනුම් දී ඇත.

ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ආයතනයක් සම්බන්ධයෙන් නීතිය කඩ කරන බවට අනාවරණය වුවහොත් එම උල්ලංඝනය කිරීමේ ස්වභාවය අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය අවධාරණය කර ඇත. “අපි මෙයට සම්බන්ධ වී සිටින සියලුම පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට සහ ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම සඳහා ඔවුන්ට සහයෝගය දැක්වීමට, කාර්යක්ෂමතාවයේ සහ විනිවිදභාවයේ ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව මෙන්ම අදාළ ජාතික හා ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුව කටයුතු කිරීමට කැපවී සිටිමු,”

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ඇති බලපත්‍රලාභී ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ නියෝජිතායතන එහි අධීක්‍ෂණය යටතේ පවතින අතර “සියලු පාර්ශ්වයන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා පැහැදිලි රෙගුලාසි සහ නීති පද්ධති යටතේ ක්‍රියාත්මක වන අතර ඒකාබද්ධ මිල ගණන් ඇතුළුව සේවාලාභීන්ට සේවා කිහිපයක් සැපයීමට කටයුතු කලයුතු​ය” මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ නියෝජිතායතන පිළිබඳ ගැටළු සහ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 600 590 000 ට සි​ය ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමටත් බලපත්‍රලාභී ආයතන ලැයිස්තුව සඳහා www.mohre.gov.ae යන වෙබ් අඩවියට පිවිසෙන ලෙසත් අමාත්‍යාංශය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යය සූර්ය බලශක්තියේ ප්‍රමුඛයන් අතර​ට
Next Article UAEහි බැංකු ආයෝජනය ඩොලර් බිලියන 158ක වාර්තාගත ඉහළ මට්ටමක් කරා ළඟා වේ
Stanly Kularathna

Related Posts

ඉන්දීය පාකිස්තාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

May 16, 2025

Global Village වාරය අවසන් වන විට 70% දක්වා වට්ටම්

May 16, 2025

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ වැඩසටහන් පෙළක්

May 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.