Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Municipality»ඩුබායි මහ නගර සභාවෙන් නව උද්‍යාන 55ක්
Dubai Municipality

ඩුබායි මහ නගර සභාවෙන් නව උද්‍යාන 55ක්

Stanly KularathnaBy Stanly KularathnaSeptember 15, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි මහ නගර සභාව විසින් Al Warqa 1 සහ 4 දිස්ත්‍රික්කවල ඩිරාම් මිලියන 8 ක වියදමින් පවුල් සඳහා විනෝද උද්‍යාන දෙකක් ඉදි කිරීම අවසන් කිරීමට සමගාමී​ව මෙම නිවේදනය නිකුත් කරන ලදී. මෙය ​ක්‍රියාවට නැන්වෙන්​නේ, නගරයේ වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රජාවන් තුළ පවුල් විනෝද උද්‍යාන කිහිපයක් ඉදිකිරීමේ එහි අභිලාෂකාමී ව්‍යාපෘතියේ සිව්වන අදියරේ කොටසක් ලෙසය.

මෙම ව්‍යාපෘතිය ඩුබායිහි ආකර් ශනය තවදුරටත් ඉහළ නැංවීමට මෙන්ම එහි පුරවැසියන් අතර යහපැවැත්ම සහ සතුට වැඩි දියුණු කිරීම සඳහා පොදු උද්‍යාන සහ සුවිශේෂී විනෝදාස්වාද අවකාශයන් නිර්මාණය කිරීමේ මහ නගර සභාවේ උපායමාර් ගික මුලපිරීම් වලින් එකකි.

ඩුබායි මහ නගර සභාවේ අධ්‍යක්ෂ ජනරාල් Dawoud Al Hajri පැවසුවේ, “ඩුබායි මහ නගර සභාව “පවුල් විනෝදාස්වාද පහසුකම් ව්‍යාපෘතිය” ආරම්භ කළ අතර, ඩුබායිහි උද්‍යාන 125ක්, ඇතුළු පවුල් විනෝදාස්වාද චතුරශ්‍ර සහ ක්‍රීඩා පිටි ඉදිකිරීම අරමුණු කර ගෙන ඇත. ඩුබායිහි ඔටුන්න හිමි කුමරු සහ විධායක කවුන්සිලයේ සභාපති ෂෙයික් හම්දාන් බින් මො​හොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් ගේ නියෝග අනුව පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ඔවුන්ට හැකි උපරිම සේවාවන් සැපයීමට කටයුතු කරනවා.”

“2019 සිට 2021 දක්වා කාලය තුළ පහසුකම් 70 ක් පමණ පුරවැසි නිවාස ප්‍රදේශවල ඉදිකර ඇත. ඉදිරි මාසවලදී අතිරේක පවුල් උද්‍යාන සහ චතුරශ්‍ර 55 ක් දියත් කිරීමට අපි තවදුරටත් අදහස් කරන අතර, ඒ සියල්ල ඩිරාම් මිලියන 93ක වියදමින් ඉදිකරනු ලැබේ.”

“මෙම ව්‍යාපෘතිය ඩුබායිහි ජීවන තත්ත්වය සහ සුඛෝපභෝගීත්වය ඉහළ නැංවීමට දායක වන පොදු උද්‍යාන සහ සුවිශේෂී විනෝදාස්වාද පහසුකම් ඉදිකිරීමට මහ නගර සභාවේ නොසැලෙන උත්සාහයේ කොටසකි.”

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “දැනට අපගේ ඉලක්කය වන්නේ පවුල් චතුරශ්‍ර හතරක් පිහිටුවීමයි, එයින් දෙකක් අල් වර්කා 1 සහ 4 දිස්ත්‍රික්කවල නිම කර ඇත.

“ඉතිරි දෙක සඳහා ඉදිකිරීම් අල්නාදා 1 සහ හොර්ලන්ඩ්ස් හි සිදු වෙමින් පවතින අතර ඒවා ඉදිරි මාසවලදී නිම කිරීමට නියමිතය.”

ඩුබායිහි, නව පවුල් විනෝදාස්වාද චතුරශ්‍ර, විවිධ විනෝදාස්වාද සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළත් පවුල් අවස්ථා සහ උත්සව පැවැත්වීම සඳහා අවකාශයන් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ඩුබායි මහ නගර සභාව විසින් පුද්ගලික අංශයේ හවුල්කරුවන් සඳහා ආකර්ශනීය ආයෝජන අවස්ථා සහ අමුත්තන් සඳහා සුවිශේෂී අත්දැකීම් ලබා දෙන කියෝස්ක් වැනි ආයෝජන අවකාශයන් සැපයීම ද අරමුණු කරයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි හලා කුලී රථ සංචාරවල 36% ක වැඩිවීමක් වාර්තා කරයි
Next Article UAEහි, සේවකයින් සඳහා නව සේවාඅවසන් ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පැහැදිලි කරයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.