Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»MoHRE»UAEහි, සේවකයින් සඳහා නව සේවාඅවසන් ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පැහැදිලි කරයි
MoHRE

UAEහි, සේවකයින් සඳහා නව සේවාඅවසන් ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පැහැදිලි කරයි

Stanly KularathnaBy Stanly KularathnaSeptember 16, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ මස මුලදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අමාත්‍ය මණ්ඩලය විසින් රටේ සේවකයින් සඳහා පවතින සේවාඅවසන් පාරිතෝෂික සඳහා නව විකල්ප ක්‍රමයක් අනුමත කරන ලදී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශයට පත් කරන ලද නව ෆෙඩරල් නීති 11 අතර මෙම තීරණයද විය.

යෝජනා ක්‍රම​ය අනිවාර්‍යද?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාධ්‍ය කාර්යාලයට අනුව, අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු ෂෙයික් මොහොමඩ් පැවසුවේ සේවා යෝජකයන්ට සම්බන්ධ වීමට මෙ​ය විකල්ප ක්‍රමයක් බවයි.

නව යෝජනා ක්‍රමය කුමන අංශ සඳහාද?

සේවාඅවසන් පාරිතෝෂික​ය සඳහා වන ​මේ නව ක්‍රමය පුද්ගලික අංශයේ සහ නිදහස් කලාපවල සේවකයින් සඳහා වනු ඇත. සඳහන් කර ඇති පරිදි, මෙම පද්ධතිය සේවා යෝජකයන්ට සම්බන්ධ වීමට විකල්පයක් ලෙස පවති​න අතර, මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MOHRE) සමඟ සම්බන්ධීකරණයෙන් සුරැකුම්පත් සහ වෙළඳ අධිකාරිය විසින් අධීක්ෂණය කරනු ලබන පුද්ගලික අංශයේ ආයෝජන සහ ඉතුරුම් අරමුදල් පිහිටුවීම ඇතුළත් වේ. ඉතුරුම් සහ ආයෝජන අරමුණු සඳහා රාජ්‍ය අංශයේ සේවකයින්ට ද පද්ධතියට සහභාගී විය හැකිය.

පුද්ගලික අංශයේ සේවකයින් සඳහා දැනට පවතින සේවා අවසන් පාරිතෝෂික යෝජනා ක්‍රමය

දැනට, සේවකයින් සමාගමක අඛණ්ඩ වසරක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු එකවර ගෙවීමක් සඳහා හිමිකම් ලබයි. සේවා වසර ගණන මත පදනම්ව මුදල ගණනය කෙරේ.

නව සේවාඅවසන් ආයෝජන යෝජනා ක්‍රමය

මෙම විකල්ප යෝජනා ක්‍රමයට සහභාගී වන සමාගම්වලට මාසික දායකත්වයක් ගෙවීමට සිදු වන අතර ඔවුන්ගේ සේවය අවසානයේ සේවකයන්ට ඔවුන් විසින් ගොඩනගාගත් ඉතුරුම් සහ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ ලැබෙනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව, මෙම අරමුදල් හරහා සේවකයින්ට විවිධ ආයෝජන විකල්පයන් අනුව තම සේවා අවසන් පාරිතෝෂික මුදල් ආයෝජනය කර ඉතිරි කර ගත හැක.

මෙහි අරමු​ණ වන්නේ සේව​ය අවසාන පාරිතෝෂිකය වන කම්කරුවන්ගේ ඉතුරුම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සහතික කිරීම සහ ඔවුන්ගේ පවුල්වල ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් ආරක්ෂිතව ආයෝජනය කර ඇති බව සහතික කිරීමයි.

සේවා අවසන් මුදල ආයෝජනය කරන්නේ කෙසේද?

මුදල ආයෝජනය කළ හැකි ආකාර තුනක් හඳුන්වා දී ඇත:

  1. ප්‍රාග්ධනය නඩත්තු කරන අවදානම් රහිත ආයෝජනයක ක්‍රමයක්
  2. අවදානම් මත පදනම් වූ ආයෝජනයක ක්‍රමයක්
  3. ෂරියා-අනුකූල ආයෝජනයක ක්‍රමයක්

නව යෝජනා ක්‍රම​ය ක්‍රියාත්මක කරන දිනය තවම ප්‍රකාශයට පත් කර නැත.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මහ නගර සභාවෙන් නව උද්‍යාන 55ක්
Next Article UAEහි සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ මුදල් ජාවාරම් කරන කල්ලියක් සොයා මෙහෙයුම්
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.