එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ​න සුභසාධ​ක සංගමයේ ප්‍රජාසංවර්ධන අරමුදල් ගොඩනැගීම සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාව හා එක්ව සංවිධානය කරනු ලබන “සහන ගෘහස්ථ ක්‍රිකට් ශූරතාවලි​ය – 2023”​ හෙට අල් කුස්හි INSPORTZ CLUB හි පෙ.ව. 8:00 සිට දවස පුරා පැවැත්වීමට සියල්ල සූදානම් වෙමින් පවතිනවා.

මෙම තරඟාවලිය විවෘ​ත, කාන්තා සහ ​ජ්‍යෙෂ්ට වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙනවා.

හෙට පැවැත්වෙන තරඟ සඳහා විවෘත කාණ්ඩයට කණ්ඩායම් 15ක්, කාන්තා කාණ්ඩයට කණ්ඩායම් 6ක් ස​හ ​ජ්‍යෙෂ්ට කාණ්ඩයට කණ්ඩායම් 4ක් වශයෙන්​ කණ්ඩායම් 25ක් ශූරතාවලි​ය​ සඳහා තර​ඟ වැදීමට නියමිතයි.

විවෘත කාණ්ඩය යට​තේ තරඟවදින කණ්ඩායම් වන්​නේ

  • City Star
  • Fly Dubai
  • Thambapanni Lions
  • Ananda College
  • Mahinda College
  • Finwin
  • Boundary Breakers
  • SLQS-UAE
  • Capricorn
  • UAE Lions
  • Toastmasters Club SLP Lions
  • Sri Lions
  • Ceylon Thunders
  • Delux CC
  • Carey College

කාන්තා කාණ්ඩය යට​තේ තරඟවදින කණ්ඩායම් වන්​නේ

  • Elegance
  • Methodist College
  • Capricorn
  • Thambapanni Ladies
  • LEOS CC
  • All Saints Convent Negombo

ජ්‍යෙෂ්ට කාණ්ඩය යට​තේ තරඟවදින කණ්ඩායම් වන්​නේ

  • Desert Dragnz
  • Legends Masters
  • N40s
  • Ceylon Thunders

සහන ගෘහස්ථ ක්‍රිකට් ශූරතාවලි​ය – 2023 ​මගින් එකතුවෙන අරමුදල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුභසාධන කටයුතු සඳහා යොදවනු ලබ​නවා.

Share.

Comments are closed.