ඉන්දියාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තර​ඟයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 6 ක තියුණු ජයක් වාර් තා කිරී​මට බංග්ලාදේශය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 266 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවට ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 259 ක් පමණි. මුස්තෆිසුර් රහමන් ලකුණු 50 කට කඩුලු 3 ක් දවාගත් අතර ටැන්සිම් හසන් සහ මෙහෙදි හසන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් සිය 5 වැනි එක්දින ශතකය ලබාගැනීමට ආරම්භක පිතිකරු ශුබ්​මන් ගිල් (121) සමත් වූවද, සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔහුට නොහැකි විය. පන්ඳු 133 කදී වාර් තා වූ එම ශතකය හයේ‍ පහර 5 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.

පළමුවෙන් පන්ඳුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 265 ක් ලබාගත් අතර බංග්ලාදේශ ඉනිමේ නැංගුරම බවට පත්වූ සකීබ් අල් හසන් පන්ඳු 85 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 80 ක් රැස්කළේය.

ලකුණු 59 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී තව්හිත් රිඩෝයි (54) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 115 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සකීබ් සමත් විය. පන්ඳු 81 කට මුහුණදුන් රිඩෝයි හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය අර් ධ ශතකය සැරසුවේය.

නසුම් අහමඩ් පන්ඳු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 44 ක්ද, මෙහෙදි හසන් පන්ඳු 23 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 29 ක්ද රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

බංග්ලාදේශය – ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 265

(සකීබ් අල් හසන් 80, තව්හිත් රිඩෝයි 54, නසුම් අහමඩ් 44, මෙහෙදි හසන් නොදැවී 29, ටැන්සිම් හසන් නොදැවී 14, ශර් දුල් ඨාකුර් 65/3, මොහොමඩ් සාමි 32/2)

ඉන්දියාව – ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 259

(ශුබ්​මන් ගිල් 121, ලෝකේෂ් රාහුල් 19, සූර් යකුමාර් යාදව් 26, අක්සර් පටේල් 42, මෙහෙදි හසන් 50/3, ටැන්සිම් හසන් 32/2, මෙහෙදි හසන් 50/2)

Share.

Comments are closed.