එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් බැංකුවක්, දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට සේවා සැපයීම සඳහා තිර කියවනයක් (screen reader) සමඟ සිය යෙදුම යාවත්කාලීන කර ඇත්තේ රට තුළ එවැනි ආකාරයේ පළමු සේවාව ලෙස ය. මෙය සිදු වූයේ දෘශ්‍යාබාධිත පාරිභෝගිකයෙකු බැංකුව අමතා යෙදුම නිසි ලෙස භාවිතා කිරීමට නොහැකි වීම ගැන පැමිණිලි කිරීමෙන් පසුවය.

දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට ස්වාධීන බැංකු සේවා ලබා ගැනීමට ඉඩ සැලසීමට හොඳම ක්‍රම සොයා ගැනීම සඳහා ඔවුන් සමඟ රැස්වීම් මාලාවක් පැවැත්වීමෙන් අනතුරුව සාජා ඉස්ලාමීය බැංකුව (SIB) මෙම නව මුලපිරීම නිවේදනය කළේය.

“මෙම සන්නිවේදනයේ ප්‍රතිඵලයක් ලෙස SIB හි ඩිජිටල් ජංගම යෙදුමේ දෘශ්‍යාබාධිත පුද්ගලයින් සඳහා තිර කියවීමේ සේවාවක් සැපයීමට හැකි විය” යනුවෙන් සාජා ඉස්ලාමීය බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ප්‍රධානී Waleed Al Amoudi පැවසීය.

SIB හි ඩිජිටල් බැංකු දෙපාර්තමේන්තුව දෘෂ්‍යාබාධිත පුද්ගලයින් පිරිසකගේ සහයෝගයෙන් නව සේවාව පිළිබඳ බහුවිධ පරීක්ෂණ මාලාවක් සිදු කරන ලදී. මෙමගින් ආබාධ සහිත ගනුදෙනුකරුවන්ට ශේෂය විමසීම සහ මුදල් හුවමාරු කිරීම් ඇතුළුව ඔවුන්ගේ සියලුම ගනුදෙනු සිදු කළ හැකි තිර කියවනයක් සංවර්ධනය කිරීමට බැංකුවට හැකි විය. අතුරු මුහුණත (interface) පහසුවෙන් සැරිසැරීමට හැකි අතර පුද්ගලිකත්වය සහ ආරක්ෂාව සහතික කරයි.

Sharjah City for Humanitarian Services (SCHS) මෙම පියවර සාදරයෙන් පිළිගත් අතර මෙම මුලපිරීම අගය කළේය.

Waleed වැඩිදුරටත් පැවසුවේ, “SIB, ඥානවන්ත නායකත්වයේ නියමයන්ට සහ රජයේ සැලසුම්වලට අනුකූලව, ආබාධ සහිත පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා හොඳම ප්‍රතිපත්ති සහ භාවිතයන් ක්‍රියාත්මක කිරීමට සහ සමාජය තුළ තීරණ ගැනීමේදී ඔවුන් ඇතුළත් කිරීම සහතික කිරීමටත්, එමඟින් සමාන අවස්ථා සහතික කිරීමටත් අඛණ්ඩව කටයුතු කරයි.”

Share.

Comments are closed.