2023 සැප්තැම්බර් 17 වන දින වන විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 970,006 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාවකින් කියා සිටී.

2023 සැප්තැම්බර් මාසයේ මුල් දින 17 තුළ දී විදෙස් සංචාරකයින් 65,688 ක් මෙරටට පැමිණ ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව මෙම දින 17 තුළ සංචාරක පැමිණීමෙහි දෛනික සාමාන්‍ය 3,800 ක් පමණ වන අතර එම ගණනයන්ට අනුව ඉදිරි දින 8 ක කාලයක් තුළ දී තවත් සංචාරකයින් 30,000 ක් පමණ මෙරටට පැමිණියහොත් සැප්තැම්බර් 25 දිනයේ දී දශලක්ෂ වෙනි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි පුරෝකථනය කළ හැකිය.

2019 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය දශලක්ෂයේ සීමාව ඉක්මවා යනු ලබන පළමු අවස්ථාව මෙය වනු ඇත.

Share.

Comments are closed.