ගල්ෆ් සහයෝගිතා කවුන්සිල​යේ (GCC) රටවල් හයක පදිංචිකරුවන්ට සාමාජික රටවල් අතර නිදහසේ ගමන් කිරීමට හැකියාව සලස​න තනි වීසා ක්‍රමයක් ගැන සලකා බලමින් සිටින බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අමාත්‍යවරයෙක් පවසා තිබෙනවා.

“ඉතා ඉක්මනින්” පාලන තන්ත්‍රය හඳුන්වා දිය හැකි බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික අමාත්‍ය අබ්දුල්ලා බින් ටූක් අල් මාරි උපුටා දක්වමින් මාධ්‍යන්හි සඳහන්ව තිබිණි.

දැනට, GCC රටවල පුරවැසියන් පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, බහරේනය, කුවේට්, ඕමාන් සහ කටාර් යන රටවලට වීසා රහිත සංචාර භුක්ති විඳිති. මෙම රටවල වෙසෙන විදේශිකයන් එක් එක් සාමාජික රාජ්‍යයට ගමන් කිරීම සඳහා වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතු අතර, සමහර ජාතිකයින්ට වීසා රහිත හෝ on arrival වීසා වරප්‍රසාද ලැබේ.

පසුගියදා අබුඩාබි හි “Future Hospitality Summit” අමතමින් අල් මාරි “pan-GCC” තනි වීසා බලපත්‍රය ගැන ප්‍රකා​ශ කළේය.

“Arabian Travel Market – ATM” අතරතුරදී අදහස් දක්වමින් ෆාතිමා අල් සයිරාෆි පැවසුවේ ඒකාබද්ධ වීසා බලපත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන බවයි. පද්ධතිය “ඉතා ඉක්මනින්” දියත් කරන බව ඇය පැවසුවාය. එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරියෙක් පවසා ඇත්තේ මෙම ක්‍රමය සංචාරකයින්ට එක් ඒකාබද්ධ පැකේජයක් යටතේ සීමාවකින් තොරව රටවල් කිහිපයකට පැමිණීමට උපකාරී වන බවයි.

Share.

Comments are closed.