ජුනි මාසයේ ගිම්හානය සඳහා එහි දොරටු වසා දැමීමෙන් පසුව, ඩුබායි Miracle Garden මෙම සති අන්තයේ නැවත විවෘත කිරීමට නියමිතය. ඔක්තෝබර් 1 වෙනි ඉරිදා එහි ගේට්ටු 12 වන වාරය සඳහා නිල වශයෙන් නැවත විවෘත කරන බව Miracle Garden මාධ්‍ය වෙත තහවුරු කළේය.

සෑම වසරක​ම, ශීත සෘතුව ආරම්භයේදී කාලගුණය සිසිල් වීමට පටන් ගන්නා විට, ඩුබායි Miracle Garden දොරටු නැවත විවෘත වේ. මිලියන 150කට වඩා මල් පිපී ඇති මෙම වර්ග මීටර් 72,000 පුරා විහිදෙන පාරාදීසය 2013 පෙබරවාරි 14 වැනි දින වැලන්ටයින් දිනයේ ප්‍රථම වරට විවෘත වූ දා සිට කලාපයේ වඩාත් සුන්දර, මිහිරි සුවඳ සහිත ගමනාන්තයක් බවට පත් වී ඇත.

ඩුබායි Miracle Garden 2013 දී විශාලතම සිරස් උද්‍යානය ලෙසත්, 2016 දී එයාර්බස් A380 හැඩයෙන් යුත් විශාලතම මල් සැකැස්ම ලෙස සහ 2018 දී මිකී මවුස් හැඩයෙන් යුත් උසම මල් සැකැස්ම සඳහා ගිනස් ලෝක වාර්තා 3ක් ලබා ගත්තේය.

සෑම වසරක​ම, සම්මානලාභී උද්‍යානය ගිම්හානයෙන් පසු නව තේමාවක්, නව ආකර්ෂණීය ස්ථාන සහ මූර්ති සමගින් නැවත විවෘත වේ. පසුගිය වසරේ ත්‍රිමාණ ස්ථාපනයන්, බොහෝ ප්‍රිය කරන ආකර්ෂණ ස්ථාන පුළුල් කිරීම් සහ නව ජල අංගයක් එකතු වී ඇ​ත.

මෑතදී ඩුබායි Miracle Garden ප්‍රවේශපත්‍ර ගාස්තු යාවත්කාලීනයක් සිදුකොට ඇත.

වැඩිහිටි එක් පුද්ගලයෙකුට ඩිරාම් 95 ක්

වයස අවුරුදු 3- 12 දක්වා ළමුන් සඳහා ඩිරාම් 80 ක් සහ

අවුරුදු තුනට අඩු ළමයින්​ට නොමිලේ ඇතුළු විය හැ​ක.

Share.

Comments are closed.