නබිතුමාණන්ගේ උපන් දිනය සැමරීම වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩු දිනයක් වන සැප්තැම්බර් 29 සිකුරාදා ඩුබායිහි පොදු වාහන නැවැත්වීම නොමිලේ භාවිතා කළ හැකිය.

මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පැවසුවේ නොමිලේ වාහන නැවැත්වීම බහු මට්ටමේ පර්යන්ත සඳහා අදාළ නොවන බවයි. වාහන නැවැත්වීමේ ගාස්තු සැප්තැම්බර් 30 සෙනසුරාදා සිට යලි සක්‍රිය කෙරේ

ප්‍රවාහන අධිකාරිය සිය සේවා කාලයෙහි වෙනස්කම්ද නිවේදනය කළේය. වෙනස්කම් අතර පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන, ගෙවන වාහන නැවැත්වීමේ කලාප, පොදු බස් රථ, මෙට්‍රෝ, ට්‍රෑම් රථ, සමුද්‍ර ප්‍රවාහනය සහ වාහන තාක්ෂණික පරීක්ෂණ සේවා මධ්‍යස්ථාන ආවරණය කරයි.

Umm Ramool, Al Kafaf, Deira, Al Barsha සහ RTA ප්‍රධාන කාර්යාලයේ ඇති ස්මාර්ට් පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන සුපුරුදු පරිදි පැය 24 සේවය දිගටම කරගෙන යනු ඇති අතර අනෙකුත් සියලුම පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන සැප්තැම්බර් 29 සිකුරාදා වසා ​දමනු ඇත.

ඩුබායි මෙට්‍රෝ සේවා​වේ රතු සහ කොළ මාර්ග දෙකම උදෑසන 05:00 සිට පසුදින අළුයම 01:00 දක්වා ක්‍රියාත්මක වේ. ඩුබායි ට්‍රෑම් රථ උදෑසන 06:00 සිට පසුදින අළුයම 01:00 දක්වා ක්‍රියාත්මක වේ. ජූලි 29 වෙනි සිකුරාදා ඩුබායි තුළ පොදු බස්රථ උදෑසන 05:00 සිට පසුදින අළුයම 12:30 දක්වා ධාවනය කෙරේ. සියලුම මෙට්‍රෝ සම්බන්ධක බස් සේවා මෙට්‍රෝ කාලසටහන් වලට අනුරූපීව ධාවනය කෙරේ. නිවාඩු කාල සීමා​ව තුළ වාහන පරීක්‍ෂණ මධ්‍යස්ථාන වසා තබන අතර 2023 සැප්තැම්බර් 30 සෙනසුරාදා නැවත ඒවායේ රාජකාරි ආරම්භ කෙරේ.

Share.

Comments are closed.