Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Police»ඩුබායි පොලිසියෙන් නොසැලකිලිමත් රියදුරන්​ට අනතුරු ඇඟවීම් : දින 2 ක් තුළ වාහන 36 ක් රාජසන්තක කරයි
Dubai Police

ඩුබායි පොලිසියෙන් නොසැලකිලිමත් රියදුරන්​ට අනතුරු ඇඟවීම් : දින 2 ක් තුළ වාහන 36 ක් රාජසන්තක කරයි

Stanly KularathnaBy Stanly KularathnaSeptember 30, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි පොලිසිය විසින් දින දෙකක් තුළ නොසැලකිලිමත් ලෙස රියපැදවූ රියදුරන්​​ගේ වාහන 36ක් රාජසන්තක කොට ඇති අතර නොසැලකිලිමත් ලෙස රිය පැදවීම ස​ඳහා ඩිරාම් 50,000​ක දඩ මුදලක් අය කරන බව අනතුරු අඟවා තිබෙනවා.

ඩුබායි පොලිසියේ රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් මුහම්මද් අබ්දුල්ලා ඛල්ෆාන් අල් කයිඩි ප්‍රකාශ කළේ රියදුරන් මාර්ග නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පසුගිය දින දෙක තුළ රථවාහන මුර සංචාර මගින් වාහන 36ක් අත්අඩංගුවට ගත් බවයි.

මෙම රියදුරන් විසින් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, තමාගේ හෝ අන් අයගේ ජීවිතයට අනතුරක් කිරීම, මාර්ග කැළඹීම් ඇති කිරීම, වාහනයේ එන්ජිම හෝ චැසිය අනවසරයෙන් වෙනස් කිරීම, නිවැසියන්ට බාධා කිරීම, නොපැහැදිලි අංක තහඩු සහ පොදු මාර්ගවල අපද්‍රව්‍ය දැමීම වැනි උල්ලංඝනයන් කිහිපයක් සිදුකොට ඇ​ත.

ඩුබායි පොලිසියේ රථවාහන අනතුරු ඇඟවීම

කර්නල් අල් කයිඩි අවධාරණය කළේ, එවැනි උල්ලංඝනයන් සඳහා පොලිසිය විසින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඩුබායි පොලිසිය මීට පෙර අනතුරු අඟවා ඇති අතර, එවැනි වැරදි සඳහා 2023 අංක 30 දරන නියෝගය බලාත්මක කරන ලෙස ඉල්ලා සිටි බවත්, එහිදී අත් අඩංගුවට ගත් වාහනයක් නිදහස් කිරීමේ දඩය ඩිරාම් 50,000 දක්වා ළඟා විය හැකි බවත් සිහිපත් කළේය.

නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් කර්නල් අල් කයිඩි අනතුරු ඇඟවූ අතර, විවිධ කාල පරිච්ඡේද සඳහා දැඩි දඩ මුදල් සහ වාහන අත් අඩංගුවට ගැනීම් සමඟ ජීවිත අනතුරේ හෙළන හෝ මාර්ගවලට හානි කරන්නන්ට නීතියෙන් දඬුවම් කරන බවත් සඳහන් කළේය.

නීති කඩකරන්නන්ගෙන් අවම වශයෙන් 80%ක් පමණ දරුණු අනතුරුවලට ලක් වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මරණ සහ තුවාල සිදු වූ බවත් ඔහු සඳහන් කළේය. සියලුම මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඩුබායි පොලිසිය සියලු ආකාරයේ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලිහිල් බවක් නොපෙන්වන බව ඔහු අවධාරණය කළේය.

කර්නල් අල් කයිඩි ප්‍රජාවට ආයාචනා කළේ ස්මාට් ජංගම දුරකථනවල ඩුබායි පොලිස් යෙදුමේ ඇති “Police Eye” සේවාව හරහා ​හෝ 901 හි ” We Are All Police” සේවාව වෙත මාර්ගවල ​ඍණාත්මක සංසිද්ධීන් වාර්තා කරන ලෙසයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි පදිංචිකරුවන් වැඩි වැඩියෙන් ගෝල්ඩන් වීසා සඳහා සුදුසුකම් ලබයි
Next Article විරැකියා රක්‍ෂණ ක්‍රමය​ට දායක නොවූවන්ට දඩ වලට අමත​ර වෙනත් දඬුවම්
Stanly Kularathna

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.