Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dewa»ඩුබායිහි සූර්ය උද්‍යානය, පිරිසිදු බලශක්ති සැපයුම මෙගාවොට් 200 කින් වැඩි කරයි
Dewa

ඩුබායිහි සූර්ය උද්‍යානය, පිරිසිදු බලශක්ති සැපයුම මෙගාවොට් 200 කින් වැඩි කරයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 4, 2023Updated:October 4, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි විදුලිබල හා ජල අධිකාරිය (DEWA) විසින් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් සූර්ය උද්‍යානයේ සිව්වන අදියරෙහි මෙගාවොට් 200 (MW)​ක දෙවන ඒකකය ආරම්භ කර ඇත.

මෙම අදියර ඩිරාම් බිලියන 15.78 දක්වා ආයෝජන සහිත ස්වාධීන බලශක්ති නිෂ්පාදක (IPP) ආකෘතියක් භාවිතා කරයි. එය නිවාස 320,000කට පමණ පිරිසිදු බලශක්තිය සැපයීමට සහ වසරකට කාබන් විමෝචනය ටොන් මිලියන 1.6කින් අඩු කිරීමට නියමිතය.

මෙගා වොට් 950​ක විදුලියක් ජනනය කරන සිව්වන අදියර, සාන්ද්‍රිත සූර්ය බලශක්තිය (CSP) සහ ප්‍රකාශ වෝල්ටීයතා තාක්ෂණයන් ඒකාබද්ධ කරන ලොව විශාලතම තනි අඩවි ව්‍යාපෘතියයි.

DEWA හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී Saeed Mohammed Al Tayer මෙසේ පැවසීය. “මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් සූර්ය උද්‍යානයේ ව්‍යාපෘති ඩුබායි “පිරිසිදු බලශක්ති උපාය මාර්ග 2050” හි ප්‍රධාන කුළුණු වලින් එකක් වන අත​ර, “ඩුබායි ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන උපාය මාර්ගය 2050” මගින් 2050 වන විට පිරිසිදු බලශක්ති ප්‍රභවයන්ගෙන් බලශක්ති නිෂ්පාදන ධාරිතාවයෙන් 100%ක් සැපයීම අරමුණු කරයි.”

සිව්වන අදියරේදී පරාවලයික ද්‍රෝණි සංකීර්ණ​යේ (parabolic basin complex) මෙගා වොට් 200​ක දෙවන ඒකකය ක්‍රියාත්මක කිරීමෙන් සූර්ය උද්‍යානයේ නිෂ්පාදන ධාරිතාව මෙගා වොට් 2,627 දක්වාත්, DEWA හි සම්පූර්ණ නිෂ්පාදන ධාරිතාව මෙගා වොට් 15,117 දක්වාත් වැඩි විය.

DEWA විසින් මෙගාවොට් 1,500 ක ගබඩා ධාරිතාවක් සහිත හත්තා හි මෙගා වොට් 250​ක පොම්ප කරන ලද ගබඩා ජල විදුලි බලාගාරය සහ සූර්ය ශක්තිය භාවිතයෙන් හයිඩ්‍රජන් නිපදවා ගබඩා කරන Green Hydrogen ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් බලශක්ති ගබඩා ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බව Al Tayer වැඩිදුරටත් පැවසීය.

මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් සූර්ය උද්‍යානය 2030 වන විට සැලසුම් කර ඇති සම්පූර්ණ ධාරිතාව මෙගා වොට් 5,000 සමඟින් ලොව විශාලතම තනි අඩවි සූර්ය උද්‍යානය බවට පත්වේ.

සූර්ය උද්‍යානයේ 4 වන අදිය​රේ පිරිසිදු බලශක්තිය නිපදවීම සඳහා දෙමුහුන් තාක්ෂණයන් තුනක් භාවිතා කරයි:

  • පරාවලයික ද්‍රෝණි සංකීර්ණයකින් මෙගාවොට් 600 (මෙගාවොට් 200 බැගින් නිපදවන ඒකක 3)
  • මීටර් 262.44 උ​ස ලොව උසම සූර්ය බලශක්ති කුළුණෙන් මෙගාවොට් 100 (උණු ලුණු තාක්ෂණය මත පදනම්ව),
  • ප්‍රකාශ වෝල්ටීයතා සූර්ය පැනල වලින් මෙගාවොට් 250.

මේ වන විට මෙම අදියරෙන් මෙගාවොට් 717 ක විදුලිය නිපදවීම ආරම්භ කර ඇති අත​ර එ​ය පැය 15 ක ලෝකයේ විශාලතම තාප ගබඩා ධාරිතාව ඇති, පැය විසිහතරේම සූර්ය බලශක්තිය ලබා ගැනීමට ඉඩ සලසයි. 4 වන අදියරට ප්‍රකාශ වෝල්ටීයතා සූර්ය පැනල 790,000කට වැඩි ප්‍රමාණයක් ස්ථාපනය කිරීම ඇතුළත් විය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදුලි ස්කූටර, බයිසිකල් නීති කඩකිරීමට එරෙහි​ව දඬුවම් ගැන අධිකාරිය අනතුරු අඟවයි
Next Article ඩුබායි සෞඛ්‍ය අධිකාරිය පෞද්ගලික පාසල්හි සෞඛ්‍ය සායන පරීක්ෂා කරයි
Stanly Kularathna

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.