Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»UAE සිට ඕමානය දක්වා නව බස් සේවාවක් : මුසැන්ඩම් වෙත සංචාරය​ට ඩිරාම් 50 පමණි
Transport

UAE සිට ඕමානය දක්වා නව බස් සේවාවක් : මුසැන්ඩම් වෙත සංචාරය​ට ඩිරාම් 50 පමණි

Stanly KularathnaBy Stanly KularathnaOctober 5, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රසල්කයිමා ප්‍රවාහන අධිකාරිය (RAKTA) ඔවුන්ගේ ප්‍රථම ජාත්‍යන්තර පොදු බස් රථ සේවා​ව රසල් කයිමා සහ ඕමාන් රාජ්‍යයේ මුසැන්ඩම් අතර දියත් කරන බව නිවේදනය කොට තිබෙනවා. මෙම සේවාව සඳහා වන ගිවිසුම RAKTA සහ මුසැන්ඩම් මහ නගර සභාව අතර 2023 අගෝස්තු 30 වන දින අත්සන් කරන ලදී.

ශීත ඍතුව ළං වීමත් සමඟ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරකයින්ට කෙටිකාලයක් තු​ල මුසැන්ඩම් වෙත ලඟාවීමටත් ​එහි කඳු වලින් වට වූ සුන්දර භූ දර් ශනයන් පහසුවෙන් ගවේෂණය කිරීමටත්, නිල්වන් වූ ජලයේ දිය නෑමටත් අවස්ථාව උදා වෙනවා.

මෙම නව බස් සේවාව ඔක්තෝම්බර් 6 වන දින සිට රසල්කයිමා සහ මුසැන්ඩම් අත​ර ක්‍රියාත්මක වෙනවා.

රසල්කයිමා ප්‍රවාහන අධිකාරිය (RAKTA) විසින් මෙම බස් සේවාව ක්‍රියාත්මක කරනු ඇති අතර එය රසල්කයිමා හි ප්‍රධාන බස් නැවතුම්පොළෙන් ආරම්භ වී කසාබ්හි විලයාට් වලින් අවසන් වේ. සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 8 ට සහ සවස 6 ට ගමන් වාර දෙකක් සැලසුම් කර ඇති අත​ර මුළු ගමන් කාලය ආසන්න වශයෙන් පැය 3 කි.

එක් දිශාවක​ට ගමන් ගාස්තුව ඩිරාම් 50 ක් වන අතර එය RAKTA හි නිල වෙබ් අඩවියෙන්, RAKBUS යෙදුමෙන් සහ බස් නැවතුම්පොළෙන් ආසන වෙන්කරවා ගත හැකිය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි RTA නව ක්ෂණික වෘත්තීය මගී ප්‍රවාහන රියදුරු බලපත්‍ර සේවාවක් හඳුන්වා දෙයි
Next Article ඩුබායි සෆාරි උද්‍යානය ඔක්තෝම්බර් 5 වන දින විවෘත කෙ​රේ
Stanly Kularathna

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.