රසල්කයිමා ප්‍රවාහන අධිකාරිය (RAKTA) ඔවුන්ගේ ප්‍රථම ජාත්‍යන්තර පොදු බස් රථ සේවා​ව රසල් කයිමා සහ ඕමාන් රාජ්‍යයේ මුසැන්ඩම් අතර දියත් කරන බව නිවේදනය කොට තිබෙනවා. මෙම සේවාව සඳහා වන ගිවිසුම RAKTA සහ මුසැන්ඩම් මහ නගර සභාව අතර 2023 අගෝස්තු 30 වන දින අත්සන් කරන ලදී.

ශීත ඍතුව ළං වීමත් සමඟ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරකයින්ට කෙටිකාලයක් තු​ල මුසැන්ඩම් වෙත ලඟාවීමටත් ​එහි කඳු වලින් වට වූ සුන්දර භූ දර් ශනයන් පහසුවෙන් ගවේෂණය කිරීමටත්, නිල්වන් වූ ජලයේ දිය නෑමටත් අවස්ථාව උදා වෙනවා.

මෙම නව බස් සේවාව ඔක්තෝම්බර් 6 වන දින සිට රසල්කයිමා සහ මුසැන්ඩම් අත​ර ක්‍රියාත්මක වෙනවා.

රසල්කයිමා ප්‍රවාහන අධිකාරිය (RAKTA) විසින් මෙම බස් සේවාව ක්‍රියාත්මක කරනු ඇති අතර එය රසල්කයිමා හි ප්‍රධාන බස් නැවතුම්පොළෙන් ආරම්භ වී කසාබ්හි විලයාට් වලින් අවසන් වේ. සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 8 ට සහ සවස 6 ට ගමන් වාර දෙකක් සැලසුම් කර ඇති අත​ර මුළු ගමන් කාලය ආසන්න වශයෙන් පැය 3 කි.

එක් දිශාවක​ට ගමන් ගාස්තුව ඩිරාම් 50 ක් වන අතර එය RAKTA හි නිල වෙබ් අඩවියෙන්, RAKBUS යෙදුමෙන් සහ බස් නැවතුම්පොළෙන් ආසන වෙන්කරවා ගත හැකිය.

Share.

Comments are closed.