මෙවර, දෙමුහුන් ආකාරයෙන් පැවැත්වුන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් ජාතික කවුන්සිල් (FNC) මැතිවරණය, ඉතිහාසයේ පළමු වරට අන්තර් ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකරනු ලැබුවා.

පසුගියදා මාධ්‍ය වෙත විවිධ අදහස් දැක්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් කියා සිටියේ අන්තර්ජාල ඡන්ද ක්‍රමය පහසු සහ ආරක්ෂිත පමණක් නොව පරිසරය ආරක්ෂා කරන අතරම කාලය සහ මුදල් ඉතිරි කරන බැවින් තමන් මෙම ඓතිහාසික අවස්ථාව අභිමානයෙන් හා උද්යෝගයෙන් සැමරූ බවයි. ඩිජිටල් විප්ලවය රටේ මැතිවරණ ක්‍රියාවලියේ නව යුගයක අරුණලු පෙරදැරි කර ගත් බවත්, පෙර නොවූ විරූ ලෙස පුරවැසියන් බල ගැන්වෙන බවත් පැවසූහ.

පසුගිය බදාදා පෙරවරු 9 ට ආරම්භ වූ මාර්ගගත ඡන්ද විමසීම සෙනසුරාදා රාත්‍රී 8 දක්වා පැය 24 පුරාම පැවැත්විනි.

ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය ප්‍රකාශ කිරීම බදාදා සහ බ්‍රහස්පතින්දා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා සිදුවූ අතර එය සෙනසුරාදා පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වි​න. සෙනසුරාදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය​ය පුරා ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථාන 24ක ඡන්දය ප්‍රකාශ කිරීම සිදු​වි​ය.

ජාතික මැතිවරණ කමිටුවට (NEC) අනුව මෙවර මැතිවරණයට කාන්තාවන් 128ක් ඇතුළුව අපේක්ෂකයන් 309ක් ඉදිරිපත්ව සිටිය​හ. මෙම වසරේ මැතිවරණය සඳහා වෙන් කර ඇති FNC ආසන 20 සඳහා අපේක්ෂකයින් තර​ග කරති. ෆෙඩරල් අධිකාරියට ආසන 40 කින් සමන්විත වන අතර FNC සාමාජිකයින් සාමාන්‍යයෙන් වසර හතරක කාලයක් සේවය කරයි.

2023 FNC මැතිවරණය සඳහා ඡන්ද ක්‍රියාවලිය ඊ​යේ සවස අවසන් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ විදේශයන්හි 2023 ෆෙඩරල් ජාතික සභා මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය ඊ​යේ සවස අවසන් වූ අතර ඉන් අනතුරුව ජාතික මැතිවරණ කමිටුව මූලික ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය.

ප්‍රතිඵල වලට අනුව

අබුඩාබිය​ට – 4 දෙනෙක්, ඩුබායි – 4 දෙනෙක්, සාජා 3 දෙනෙක්, අජ්මාන් – දෙදෙනෙක්, ෆුජයිරා – දෙදෙනෙක්, උමල් අල් ක්වේන් – දෙදෙනෙක්, රසල් කයිමා – දෙදෙනෙක් වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් ජාතික කවුන්සිලයේ ආසන 20 සඳහා එමරාති ජාතිකයින් තෝරා පත්කර ගැණුනා.

Share.

Comments are closed.