2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙ​ස පාකිස්තානය හා නෙදර්ලන්තය අතර ඊයේ (06) පැවති තරගයෙන් ලකුණු 81ක පහසු හා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බාබර් අසාම් ප්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම සමත් විය.

හයිද්‍රාබාද් හී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම, සියලු දෙනා දැවී ලකුණු 286ක් රැස් කළේය.

නමුත් පිළිතුරු ඉනිම සඳහා නෙදර්ලන්තයට රැස් කර ගත හැකි වූයේ, සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 205ක් පමණි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙ​ස පෙරේදා (05) එංගලන්තය හා නවසීලන්ත අතර පැවති තරගයෙන් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

Share.

Comments are closed.