ඩුබායි ක්‍රීඩා කවුන්සිලය (DSC) විසින් සංවිධානය කරනු ලබන, UAE පාපන්දු සංගමය විසින් සත්කාරකත්වය සපයන සහ Delta Sports Events මෙහෙයුමෙන් පවත්වනු ලබ​න “ඩුබායි විවෘත පාපන්දු ඇකඩමි තරගාවලිය” ඩුබායි ස්පෝර්ට්ස් සිටි ක්‍රීඩාංගණවලදී දියත් කෙරෙන අතර එය 2023 ඔක්තෝබර් 7 සෙනසුරාදා සි​ට 2024 පෙබරවාරි 24  දක්වා පවත්වනු ලබනවා.

මෙම තරගාවලිය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ඇකඩමි 65ක් නියෝජනය කරමින් කණ්ඩායම් 300ක ක්‍රීඩ​ක ක්‍රීඩිකාවන් 5000 ක් පමණ සහභාගීත්වයක් අපේක්ෂා කරනවා. මෙම උත්සවය පවත්වනු ලබන්නේ ඩුබායි ක්‍රීඩා කවුන්සිලයෙහි ක්‍රීඩා කුසලතා ආකර්ශනය කර ගැනීම සහ සංවර්ධනය කිරීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙසය.

ඩුබායි ක්‍රීඩා කවුන්සිලයෙහි මහලේකම් Saeed Hareb මෙසේ ප්‍රකාශ කළේ​ය:

“2017 වසරේ ඩුබායි ක්‍රීඩා කවුන්සිල පාපන්දු ඇකඩමි ශූරතාවලිය දියත් කළ දා සිට තරගාවලියේ විශිෂ්ට සාර්ථකත්වය ගැන අපි ආඩම්බර වෙමු. මෙම උත්සවය විශාල සංවර්ධනයක් සහ ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර අපගේ දේශීය ඇකඩමි සහ ක්‍රීඩාසමාජ වලට අමතරව විවිධ ගෝලීය ඇකඩමිවලින් කණ්ඩායම් කිහිපයක් ආකර්ෂණය කරගෙ​න ඇත. ඩුබායි රජයේ ක්‍රීඩා දක්ෂතා ආකර්ශනය කර ගැනීම සහ සංවර්ධනය කිරීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙස මෙම තරඟාවලිය කනිෂ්ඨ අංශයේ සහ ඇකඩමි ක්‍රීඩකයින් වෙත අපගේ අවධානය යොමු කරයි. තරඟාවලියේ ප්‍රගතිය ගැන අපි විශාල වශයෙන් සතුටු වෙනවා. වත්මන් තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000ක් සහභාගී වන අතර, පසුගිය වසරේ සහභාගීත්වයට සාපේක්ෂව ක්‍රීඩකයින් 2000ක වැඩිවීමක් දක්නට ලැබේ. සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව කණ්ඩායම් 300 ඉක්මවා ඇත. පසුගිය වාර​යේ සහභාගී වූ ඇකඩමි 41 හා සසඳන විට මෙම වාරය​ට ඇකඩමි 65ක් සහභාගී වනු ඇත. ඒවායින් ඉහළින්ම සිටින්නේ බාර්සිලෝනා, ඉන්ටර් මිලාන්, ඇජැක්ස් ඇම්ස්ටර්ඩෑම්, ජුවෙන්ටස් සහ මැන්චෙස්ටර්සිටි යන ඇකඩමිවල කණ්ඩායම්ය.”

ඔහු තවදුරටත් මෙසේ පැවසීය.

“මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 2000 තරග කරන බැවින් ක්‍රීඩකයින්ට කුසලතා වැඩි දියුණු කිරීමට සහ නව අත්දැකීම් ලබා ගැනීමට සුවිශේෂී අවස්ථා සපයයි. අපි ක්‍රීඩකයින් සහ ඇකඩමි අංශයේ අනෙකුත් අදාළ ආයතන වලින් සම්භන්ධ ව​න ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් 20,000 කට වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සාදරයෙන් පිළිගනිමු. විවිධ වයස් කාණ්ඩවල ක්‍රීඩකයින් ඔවුනගේ දක්ෂතා වර්ධනය කරගැන්ම​ට මෙවැනි තරග වලට සහභාගී වීම වාසිදායක වේ.

UAE හි පාපන්දු සංගමයේ මහලේකම් මොහොමඩ් බින් හසාම් මෙසේ සඳහන් කළේය.

පාපන්දු ක්‍ෂේත්‍රය වැඩිදියුණු කිරීමට දායක වන ඵලදායි මුල පිරීම් සහ වැඩසටහන් දියත් කිරීම සහ ශූරතා සංවිධානය කිරීම තුළින් ක්‍රීඩා දක්ෂතා ආකර්ශනය කර ගැනීමට සහ සංවර්ධනය කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව අපි ඩුබායි ක්‍රීඩා කවුන්සිලය වෙත ස්තූතිවන්ත වෙමු. මෙම අවස්ථාවට සියලු සහයෝගය සහ සාර්ථකත්වයේ සාධක සැපයීමට අපි උනන්දු වෙමු. මෙම තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාපන්දු සංගමයේ ඉලක්ක සහ උපාය මාර්ග වලට අනුකූල වේ. ක්‍රීඩාසමාජ සහ ජාතික කණ්ඩායම්වල අනාගත පදනම නියෝජනය කරන දක්ෂයින් සොයා බැලීමට මෙ​ය පහසු අවස්ථාවක්. තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාපන්දු සංගමයේ සහ දේශීය ක්‍රීඩා සමාජවල සෘජු අධීක්ෂණය යටතේ පැවැත්වේ. සහභාගිවන්නන් සහ අනුගාමිකයින් සංඛ්‍යාවෙහි කැපී පෙනෙන වර්ධනයක් අප විසින් දැක ඇති බැවින්, තරගාවලියේ විශිෂ්ට සාර්ථකත්වය සහ සංවර්ධනය පිළිබඳව අපි සතුටු වෙමු. මෙම අවස්ථාවට නිල ඇකඩමිවල සහභාගීත්වය, ක්‍රීඩාසමාජ වල ක්‍රීඩකයින්ගේ කාර්ය සාධනය වර්ධනය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පළමු සහ දෙවන අංශවල තර​ග සඳහා සහභාගී වන සුවිශේෂී කණ්ඩායම් පිහිටුවීමට ද එය උපකාර විය.

Share.

Comments are closed.