Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»මෙන්ඩිස් – සධීර දෙදෙනාගේ උත්සාහය වතුරේ
Events

මෙන්ඩිස් – සධීර දෙදෙනාගේ උත්සාහය වතුරේ

Stanly KularathnaBy Stanly KularathnaOctober 11, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කුසල් මෙන්ඩිස් (122) සහ සධීර සමරවික්‍රම (108) දෙදෙනාගේ විශිෂ්ට උත්සාහය සම්පූර්ණයෙන්ම නිෂ්ඵල කළ අබ්දුල්ලා ශෆීක් (113) සහ මොහොමඩ් රිස්වාන් (නොදැවී 131), හයිද්‍රාබාද් නුවරදී ඊ​යේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී කඩුලු 6 ක ජයක් කරා පාකිස්තානු කණ්ඩායම කැඳවාගෙන ගියහ. ලකුණ 345 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානුවෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්හ.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු යවන්නන් හත්දෙනකු උපයෝගී කරගත් නමුත්, ඒ කිසිවකුට පාකිස්තානු පිතිකරුවන් මෙල්ල කළ නොහැකි විය. ඕවර 9 ක් යැවූ මතීෂ පතිරණගෙන් පාකිස්තානු පිතිකරුවෝ ලකුණු 90 ක් උදුරා ගත්හ.

මෙන්ඩිස් සහ සමරවික්‍රම එක්ව පාකිස්තානුවන් හමුවේ අභීත පිතිහරඹයක යෙදෙමින්, ලකුණු 300 කඩයිමෙන් ඔබ්බට ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. 48 වැනි ඕවරයේදී සධීර දැවී යන විටත් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලු 7 කට 335 ක් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 344 ක් ලබාගත්තේය.

කුසල් මෙන්ඩිස් පන්දු 65 කින් ශතකයක් ලබා ලකුණු 122 කට දැවී ගිය පසුව යෂ්ඨිය සියතට ගත් සධීර සමරවික්‍රම පාකිස්තානු පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් ලකුණු 108 ක් ලබාගත්තේය. දෙදෙනා එක්ව පාකිස්තානුවන් හමුවේ ගැසූ හතරේ පහර සංඛ්‍යාව 25 ක් වූ අතර හයේ පහර සංඛ්‍යාව 8 කි.

පළමු කඩුල්ල ලකුණු 05 ක් ව තිබියදී දැවී ගිය නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක් එක්කළ කුසල් මෙන්ඩිස් (නොදැවී 58) සහ පැතුම් නිස්සංක (51) ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටි අසීරු අඩියෙන් ගොඩගත්හ. පසුව සධීර සමරවික්‍රම සමගින් එක්වූ මෙන්ඩිස්, තුන්වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 11 ක් එක් කළේය. ආරම්භක පිතිකරුවා වූ කුසල් පෙරේරා යළිත් අසාර්ථක වෙමින්, ලකුණු නොලබාම දැවී ගියද කුසල් මෙන්ඩිස් පිටියට පිවිසි විගසින්ම ක්‍රියාත්මක විය.

20 වැනි ඕවරය නිමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා සිටි ලකුණු 127 න් ලකුණු 58 කට හිමිකම් කී මෙන්ඩිස්, හසන් අලීගේ පන්දුවක් හතරේ සීමාවට ඉහළින් යවමින් සිය තුන්වැනි එක්දින ශතකය සම්පූර් ණ කළේය. පන්දු 65 කින් පැමිණි මෙන්ඩිස්ගේ ශතකයට හතරේ පහර 13 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වී තිබිණ. ශතකය ලබාගැනීමෙන් පසුව වඩාත් ආක්‍රමණශීලී වූ පිතිකරුවා හසන් අලී හමුවේ පිට පිටම හයේ පහර දෙකක් ගැසූ නමුත් තුන්වැනි හයේ පහර ගැසීමට ගත් උත්සාහයේදී ලකුණු 122 කට දැවී ගියේය. ඩීප් මිඞ් විකට්හි සිටි ඉමාම් උල් හක් උඩපන්දුව රැකගන්නා විට පන්දු 77 කට මුහුණ දී සිටි මෙන්ඩිස්ගේ ඉනිම හතරේ පහර 14 කින් සහ හයේ පහර 6 කින් සමන්විත විය.

මෙන්ඩිස් අත්හළ තැනින් යෂ්ඨිය අල්ලාගත් සමරවික්‍රම, සුපුරුදු ආක්‍රමණශීලී රටාවෙන්ම ඉදිරියට යමින් සිය මංගල එක්දින ශතකය ලබාගත්තේය. පන්දු 43 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ සමරවික්‍රම එතැන් සිට ලකුණු 58 ක් ලබාගත්තේ පන්දු 46 කිනි.

කුසල් මෙන්ඩිස් (122), සධීර සමරවික්‍රම (108) සහ පැතුම් නිස්සංක (51) තිදෙනා හැරෙන්නට සෙසු පිතිකරුවන් සියලු දෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 49 කි. ඉතිරි ලකුණු 14 අතිරේක ලකුණු විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. මහේෂ් තීක්‍ෂණ ශ්‍රී ලංකා පිලට එක්ව සිටින අතර කසුන් රාජිත කණ්ඩායමෙන් ඉවත් කර තිබිණ. දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින ආරම්භක පිතිකරු ෆකර් සමාන් කණ්ඩායමෙන් ඉවත්කළ අතර ඔහු වෙනුවට අබ්දුල්ලා ශෆීක් පාකිස්තානු කණ්ඩායමට කැඳවා තිබිණ.

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමරාතීකරණ අමාත්‍යාංශයෙන් වීසා බලපත්‍ර, පදිංචිය සහ කම්කරු නීති සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්
Next Article ඩුබායි හි RTA, Global Village බස් සේවා​ව නැවත ආරම්භ කරන බව නිවේදනය කරයි
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.