එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දියන් සාගරය හරහා සිදුකරන ප්‍රධාන අභ්‍යාසයක කොටසක් ලෙස සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධති අත්හදා බලනු ඇත. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජාත්‍යන්තර IOWave23 අභ්‍යාසයට ක්‍රියාකාරීව සහභාගී වූ බවයි.

භූමිකම්පාවලදී පැන නගින සුනාමි තර්ජන වල​ට මුහුණදීම සඳහා අනුකරණය කරන ලද අවස්ථාවක් තුළ සූදානම ශක්තිමත් කිරීම කෙරෙහි ජාත්‍යන්තර අභ්‍යාසයේදී අවධානය යොමු කරනු ලැබුවා.

UAE සුනාමි අනතුරු ඇඟවීමේ පරීක්ෂණය

මෙම අභ්‍යාසයේ අරමුණ වන්නේ ඉන්දියන් සාගරයේ සුනාමි පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය පරීක්ෂා කිරීමයි. එහිදී විද්‍යාත්මක සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම තුළින් හදිසි අවස්ථාවන් වලදී  ගතයුතු ප්‍රතිචාර සඳහා ප්‍රමු​ඛතාවය තෝරාගැනීම සිදුකරයි.

මෙම අභ්‍යාසය, ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය කාලානුරූපව සමාලෝචනය කිරීම, කාලෝචිත අනතුරු ඇඟවීම් සහතික කිරීම, ප්‍රජා දැනුවත්භාවය වැඩි කිරීම සහ කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. පද්ධති කාර්යසාධනය ඇගයීම සහ තිරසාර කාර්යක්ෂමතාව සඳහා අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම්ද එයට ඇතුළත් වි​ය.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, ජාතික හදිසි අවස්ථා, අර්බුද සහ ආපදා කළමනාකරණ අධිකාරිය සහ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය යුනෙස්කෝව සමඟ එක්ව පසුගියදා ෆුජයිරාහි රුගයිලාට් ප්‍රදේශයේදී මෙම අභ්‍යාසය පවත්වනු ලැබුවා.

මෙම අභ්‍යාසයේදී අනතුරට ලක්වූවන් ඉවත් කිරීමේ අවස්ථා, වාහන බලමුලු ගැන්වීම සහ ආපදා තත්වයන් තුලදී මුහුණදෙන තවත් බොහෝ දේ සඳහා කණ්ඩායම් සම්බන්ධීකරණය කරනු ලැබුවා.

Share.

Comments are closed.