ඩුබායි මහ නගර සභාව විසින් ඩුබායිහි ගොඩනැගිලි බලපත්‍ර සහ ගොඩනැගිලි සම්පූර්ණ කිරීමේ සහතික සඳහා විශේෂ ‘වුසූල්’ මුද්‍රාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙමගින් බලපත්‍ර අනුමත කිරීමේ ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස ගොඩනැගිලි, ආභාධි​ත පුද්ගලයින් සඳහා වන ප්‍රමිතීන්ට අනුකූල බව සනාථ කරයි. එමීර් රාජ්‍යය පුරා ගොඩනැගිලි සැලසුම් ප්‍රමිතිගත කිරීමට අදහස් කරන නව ගොඩනැගිලි සැලසුම් සම්බන්ධයෙන් ඩුබායි ගොඩනැගිලි සංග්‍රහයට අනුව මෙම පියවර ගෙන ඇත.

ඩුබායි මහ නගර සභාවේ අධ්‍යක්ෂ ජනරාල් Dawoud Al Hajri පැවසුවේ, “ගොඩනැගිලි බලපත්‍ර සහ ගොඩනැගිලි සම්පූර්ණ කිරීමේ සහතික සඳහා Wosool මුද්‍රාව එකතු කිරීම, මිත්‍රශීලී සහ ආභාධි​ත පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු බව සහතික කරයි. එය සමාජය තුළ ආභාධි​ත පුද්ගලයින් ඉහළම මට්ටමින් ඒකාබද්ධ කිරීම සඳහා අපගේ සේවාවන් සහ හැකියාවන් වැඩිදියුණු කිරීමට අප දරන නිරන්තර උත්සාහයන්ට අනුකූල වේ.

තවද, ආභාධි​ත පුද්ගලයින්ට හොඳින් ගැලපෙන සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන අතර ඔවුන්ගේ යහපැවැත්ම සහ සතුට සහතික කිරීම සඳහා අවශ්‍ය සේවා මට්ටම් ලබා දෙන ගොඩනැගිලි ඉදිකිරීමේ වැදගත්කම සහ වටිනාකම ඉස්මතු කරයි. මුද්‍රාව හඳුන්වාදීම තුළින් ඩුබායිහි ආභාධි​ත පුද්ගලයන් සඳහා බාධාවකින් තොරව ප්‍රවේශ විය හැකි නගරයක් බවට පත් කිරීම, එහි ආකර්ශනය සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීම, එහි ස්ථාවරය තවදුරටත් තහවුරු කිරීම අරමුණු කරගත් බුද්ධිමත් නායකත්වයේ නියමයන් පිළිබිඹු කරයි. මෙමගින් ඩුබායි නගරය සියලුම සමාජ සාමාජිකයින් සඳහා ජීවත් වීමට, වැඩ කිරීමට සහ සමානාත්මතාවය පෝෂණය කිරීමට ලෝකයේ හොඳම නගරය ලෙස සිය ස්ථාවරභාවය පෙන්නුම් කරයි.

ඩුබායි මහ නගර සභාවේ ගොඩනැගිලි නියාමනය සහ බලපත්‍ර නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු මාරියම් අල් මුහයිරි පැවසුවේ, “ඩුබායි මහ නගර සභාව ඩුබායිහි විවිධ උපදේශන සහ ඉංජිනේරු කාර්යාල සමඟ සහයෝගයෙන් කටයුතු කර​න අතර, ඩුබායි ගොඩනැගිලි මුද්‍රාවක් සඳහා ගොඩනැගිලි බලපත්‍ර නිකුත් කිරීමට පෙර නව ගොඩනැගිලි, ආභාධි​ත පුද්ගලයින් සඳහා සියලු ප්‍රමිතීන් සපුරාලන බවට සහතික විය යුතු​ය. මෙම නව ක්‍රියා පටිපාටිය ඩුබායි මහ නගර සභාව විසින් පිරිනමනු ලබන පහසුකම් සහ සේවාවන් යටතේ පැමිණෙන අතර ආභාධි​ත පුද්ගලයින්ට සමාජයට ධනාත්මකව හා ඵලදායී ලෙස සහභාගී වීමට සහ ඒකාබද්ධ වීමට හැකි වේ.

ඉදිකිරීම් ස්ථාන පරීක්ෂා කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා ඩුබායි මහ නගර සභාව විසින් වරින් වර ක්ෂේත්‍ර චාරිකා මාලාවක් සංවිධානය කරනු ලැබේ. ඊට අමතරව, සියලුම නේවාසික, වාණිජ, වෙළඳපල, පොදු ගොඩනැගිලි, සේවා ගොඩනැගිලි, උද්‍යාන සහ වෙනත් දේ සඳහා අනුමත සැලසුම්වල දක්වා ඇති පරිදි ආභාධි​ත පුද්ගලයින් සඳහා විශේෂ විධිවිධාන ඇතුළත් බව සහතික කිරීම සඳහා එය වාස්තු විද්‍යාත්මක සැලසුම් තවදුරටත් පරීක්ෂා කරයි. සම්පූර්ණ කිරීමේ සහතික​ය නිකුත් කිරීමට සහ ගොඩනැගිලි පදිංචිය අනුමත කිරීමට පෙර මෙම කොන්දේසි සපුරාලීම තහවුරු කිරීම සඳහා නගර සභාව විසින් අවසන් විගණනයන් තවදුරටත් සිදු කරයි.

ආභාධි​ත පුද්ගලයින්ට හිතකාමී ගොඩනැගිලි සඳහා බාධාවකින් තොරව ප්‍රවේශ වීම වන කොන්දේසි අතරට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා නිර්මාණය කර ඇති දොරවල්, ඇතුල්වීම් සහ පිටවීම් සඳහා සුදුසු බෑවුම්, සෞඛ්‍ය පහසුකම් සහ ආභාධි​ත පුද්ගලයින් සඳහා වෙන්වූ කාමර මෙන්ම වාහන නැවැත්වීමේ ස්ථාන සහ ස්ථාන සැපයීම සහතික කිරීම සඳහා වෙනත් පහසුකම් ඇතුළත් වේ

Share.

Comments are closed.