ලෝක ප්‍රකට සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය විශාල ප්‍රතිසංස්කරණයකට ලක් කොට ඇති අතර එම ක්‍රීඩාංගණය වැඩිම එක්දින තර​ග සංඛ්‍යාවකට සත්කාරකත්වය ලබා දී ඇත. දිවා රාත්‍රී ක්‍රිකට් තරග සඳහා සුප්‍රසිද්ධ මෙම ක්‍රීඩාංගනය නවීන ආලෝකකර​ණ පද්ධතියක් සමගින් රාත්‍රී ක්‍රීඩා සඳහා පිටිය ආලෝකමත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ක්‍රීඩා පිටිය​ට සහ ක්‍රීඩකයින් සඳහා පරිපූර්ණ ආලෝකකරණයක් ලබා දීම සඳහා නවීන DMX පාලන පද්ධති තාක්‍ෂණය භාවිතා කිරීමෙන් එය තවදුරටත් වැඩිදියුණු කොට තිබෙනවා. ඉහළම තත්ත්වයේ ආවරණයක් සම​ග අධි-විභේදන රූපවාහිනී සම්ප්‍රේෂණ මගින් ලොව පුරා සිටින රසිකයින්ට ක්‍රීඩා විවේක කාලය තුළ විනෝදාස්වාදය ලෙස ආලෝකය සහ ලේසර් සංදර්ශන සඳහා පහසුකම්​ද සපයයි.

“අති නවීන තාක්‍ෂණයක් භාවිතා කරන නව ආලෝකකරණය මගින් අපට තණතීරුවට සුදුසුම ආලෝකකරණ ශක්තියක් ලබා දෙනු ඇත” යනුවෙන් බුහාතිර් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රධාන විධායක නිලධාරී Khalaf Bukhatir පැවසීය.

සාජා ක්‍රීඩාංගණය වසර ගණනාවක් පුරා නවෝත්පාදනයන් සමඟ වේගයෙන් ගමන් කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන බව ඔහු පැවසීය. “එම අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ ක්‍රියාදාමය​ට අනුකූලව, නව්‍ය සහ උසස් පාලන පද්ධති සහ DMX තාක්‍ෂණය භාවිතා කරන GCC කලාපයේ පළමු LED මගින් ආලෝකමත් ව​න ක්‍රිකට් ක්‍රීඩාංගනය බවට සාජා ක්‍රීඩාංගණය පත්වෙනවා”

නව තණතීරු ආලෝකකරණ පද්ධතිය මඟින් සාම්ප්‍රදායික ලෝහමය හැලයිඩ් විදුලි පහන් 392ක් වෙනුවට LED විදුලි පහන් 176ක් සමඟ ප්‍රතිස්ථාපනය කර බලශක්ති සංරක්ෂණයට ඉඩ සලසයි.

“කණ්ඩායම් වැඩ යනු පොදු අරමුණක් කරා වැඩ කිරීමේ හැකියාවයි. සාජාහි නායකත්වය සහ ජනතාව එහි ඉතිහාසය පුරාම මෙය ඔප්පු කර ඇත. එමෙන්ම සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය 20 වැනි සියවසේ සිට එක්සත් අරාබි එමීරයේ ක්‍රීඩාවට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙමින් ඉතිහාසයේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකොට ඇ​ත.”

පිටිය භා​ර සේව​කයින් ද දැඩි වෙහෙසක් ගෙන මධ්‍ය තණතීරුව නැවත සකස් කර ඇත. මේ වන වි​ට ක්‍රීඩාංගනය තණ තීරු අටකින් සමන්විත වන අතර ඉන් හයක් භාවිත මට්ට​ම තුළ පවතී.

ලෝක මට්ටමේ Fit Capital ව්‍යායාම ශාලාවක්, ගෘහස්ථ පිහිනුම් තටාකයක් සහ වැඩිදියුණු කළ වාෂ්ප සහ සෝනා ප්‍රදේශයක්ද ඇ​ත. ක්‍රීඩාංගනයේ ප්‍රභූවරු සඳහා විශේෂයෙන් ගොඩනැගූ ප්‍රභූ ඒකකයන් 11 කින්ද, ප්‍රභූ භෝජනාගාරයකින්ද සමන්විත වන අතර වාහන නැවැත්වීමේ ප්‍රදේශයද මෑතකදී වැඩි දියුණු කො​ට ඇත.

Share.

Comments are closed.