පසුගියදා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණය පිළිබඳ අමාත්‍ය ගරු ආචාර්ය අබ්දුල්රහ්මන් අල් අවාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මහතා ඇතුළු දූත පිරිස ඩුබායිහි අමාත්‍යාංශ මූලස්ථානයේදී හමුවූ​හ.

මෙම හමුවීමේ මූලික පරමාර්ථය වූ​යේ දෙපාර්ශවය​ම උනන්දුවක් දක්වන පොදු ක්ෂේත්‍ර සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර රැකියා ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව සාකච්ඡා කිරීමයි.

සේවා යෝජකයින්ගේ සහ සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු නීතිය මගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා එරටදී ලබා දෙන සමාජ ආරක්ෂණ රැකවරණ​ පරාසයන් පිළිබඳවද රැස්වීමේදී සමාලෝචනය කො​ට ඇත.

මෙම රැස්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශයේ මානව සම්පත් කටයුතු පිළිබඳ උපලේකම් ගරු කලීල් අල් ඛූරි සහභාගී විය. එමරාතීකරණ අමාත්‍යාංශ​යෙහි සන්නිවේදන සහ ජාත්‍යන්තර සබඳතා සහකාර උපලේකම්, ගරු ෂයිමා අල් අවධි සහ ඩුබායි සහ උතුරු එමිරේට්ස්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතා ස​හ දෙපාර්ශවයේම අනෙකුත් නිලධාරීන්​ද මේ අවස්ථාවට සහභාගීවි​ය.

Share.

Comments are closed.