Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»MoHRE»ශ්‍රී ලංකාව සහ UAE අතර රැකියා-ආශ්‍රිත සහයෝගීතාව වැඩිදියුණු කිරීම​ට සාකච්ඡාකෙ​රේ
MoHRE

ශ්‍රී ලංකාව සහ UAE අතර රැකියා-ආශ්‍රිත සහයෝගීතාව වැඩිදියුණු කිරීම​ට සාකච්ඡාකෙ​රේ

Stanly KularathnaBy Stanly KularathnaOctober 13, 2023Updated:October 13, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගියදා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණය පිළිබඳ අමාත්‍ය ගරු ආචාර්ය අබ්දුල්රහ්මන් අල් අවාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මහතා ඇතුළු දූත පිරිස ඩුබායිහි අමාත්‍යාංශ මූලස්ථානයේදී හමුවූ​හ.

මෙම හමුවීමේ මූලික පරමාර්ථය වූ​යේ දෙපාර්ශවය​ම උනන්දුවක් දක්වන පොදු ක්ෂේත්‍ර සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර රැකියා ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව සාකච්ඡා කිරීමයි.

සේවා යෝජකයින්ගේ සහ සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු නීතිය මගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා එරටදී ලබා දෙන සමාජ ආරක්ෂණ රැකවරණ​ පරාසයන් පිළිබඳවද රැස්වීමේදී සමාලෝචනය කො​ට ඇත.

මෙම රැස්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශයේ මානව සම්පත් කටයුතු පිළිබඳ උපලේකම් ගරු කලීල් අල් ඛූරි සහභාගී විය. එමරාතීකරණ අමාත්‍යාංශ​යෙහි සන්නිවේදන සහ ජාත්‍යන්තර සබඳතා සහකාර උපලේකම්, ගරු ෂයිමා අල් අවධි සහ ඩුබායි සහ උතුරු එමිරේට්ස්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතා ස​හ දෙපාර්ශවයේම අනෙකුත් නිලධාරීන්​ද මේ අවස්ථාවට සහභාගීවි​ය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා ක්‍රිකට් ක්‍රීඩාංගන​ය නවීකර​ණය ​කෙරේ
Next Article WhatsApp වීඩියෝ ඇමතුම් සඳහා නව විශේෂාංගයක් නිවේදනය කරයි
Stanly Kularathna

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.