WhatsApp පරිශීලකයින්ට, ඔවුන්ගේ මිතුරන් සහ සගයන් සමඟ වීඩියෝ හෝ හඬ ඇමතුමකට සම්බන්ධ වීමට පෙර ඇමතුම් සබැඳියක් සෑදීමට ඉඩ ලබාදෙයි.

WhatsApp ගිණුම් ඇති අනෙක් අයට සම්බන්ධ වීමට ආරක්ෂිත WhatsApp ඇමතුම් සබැඳියක් සෑදීමට සහ බෙදා ගැනීමට, මෙම පියවර අනුගමනය කරන්න:

1. ඇමතුම් ටැබය විවෘත කරන්න.

2. ‘Create Call Link’ මත තට්ටු කරන්න

3. ඔබට අවශ්‍ය ඇමතුම් වර්ගය, වීඩියෝ ඇමතුම හෝ හඬ ඇමතුම තෝරන්න.

4. ඔබට සබැඳිය පිටපත් (copy) කිරීමට හෝ WhatsApp හරහා ඔබේ සම්බන්ධතා වෙත යැවීමට හෝ වෙනත් යෙදුම් හරහා යැවීමට ‘Share Link’ විකල්පය භාවිත කළ හැක.

කෙසේ වෙතත්, අවහිර කර ඇති පරිශීලකයින්ට  (blocked users) ඔබගේ ඇමතුම් සබැඳිය භාවිතා කළ නොහැකි බව සැලකිල්ලට ගැනීම වැදගත් වන අතර, මෙම සබැඳි​ය දින 30ක් ඇතුල​ත භාවිතා නොකළහොත් කල් ඉකුත් වනු ඇත. පුද්ගලිකත්වය සහ ආරක්ෂක හේතූන් මත WhatsApp සබැඳි අවලංගු කළ හැකිය.

ඇමතුම​ට සහභාගිවන්නෙකු ඉවත් කිරීමට හෝ අවහිර කිරීමට:

  • පවතින ඇමතුමකදී, සහභාගිවන්නාගේ නම හෝ දුරකථන අංකය ඔබාගෙන සිටින්න.
  • ඉවත් කිරීමට සහභාගීවන්නාගේ නම හෝ දුරකථන අංකය තෝරන්න.
  • ‘ඉවත් කරන්න’ (Remove) හෝ ‘ඉවත් කරන්න සහ අවහිර කරන්න” (Remove and block) තෝරන්න.

සහභාගිවන්නන් ඉවත් කල පසු ඔවුන් ඇමතුමෙන් ඉවත් කර ඇති බව දැනුම් දෙන අතර, ඔවුන්​ව අවහිර කළහොත් ඔවුන්ට නැවත ඇමතුමට සම්බන්ධ වීමට නොහැකි වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යෙහි WhatsApp ඇමතුම් තහනම් කර ඇත.

WhatsApp ඇමතුම් ඇතුළු අන්තර්ජාල ප්‍රොටෝකෝලය හරහා කටහඬ (Voice over Internet Protocol -VoIP) සේවාවන් ඩුබායි සහ UAE පුරා තහනම් කර ඇත.

ඒ වෙනුවට, පරිශීලකයින්ට අන්තර්ජාල ඇමතුම් ලබා ගැනීම සඳහා Botim වැනි ගෙවුම් යෙදුම් (paid applications) භාවිතා කළ හැකිය. ඩුබායි වැසියන්ට අන්තර්ජාල ඇමතුම් ලබා ගැනීමට විකල්ප ඇත.

ඒවා නම්:

  • Microsoft Teams
  • Skype for Business
  • Zoom
  • Google Hangouts Meet
  • Avaya Spaces
  • Cisco Webex
  • BlueJeans
  • Slack
  • Blackboard
  • BOTIM
  • GoChat
  • Voico
  • Etisalat Cloud Talk Meeting
  • Matrx
  • Tawasal SuperApp
Share.

Comments are closed.