Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»නවසීලන්තයට කඩුළු 8 ක පහසු ජයක්
Events

නවසීලන්තයට කඩුළු 8 ක පහසු ජයක්

Stanly KularathnaBy Stanly KularathnaOctober 14, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බංග්ලාදේශය සහ නවසීලන්තය අතර චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් කඩුළු 8 ක පහසු ජයක් වාර්තා කිරී​මට නවසීලන්තය සමත් විය. මෙම ජයත් සමග ලකුණු 6 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 246 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ, ඕවර 42.5 ක් අවසානයේ ඉලක්කය පසුකර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්ඳු 67 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 89 ක් රැස්කළ ඩර්ලි මිචෙල් නවසීලන්තයේ ජයග්‍රහණය වේගවත් කළේය.

නවසීලන්ත ඉනිමේ නැංගුරම බවට පත්වූ නායක කේන් විලියම්සන් පන්ඳු 107 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 78 ක් ලබා සිටියදී පන්ඳුව අතේ වැදීමෙන් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගියේය. පන්ඳු 59 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 45 ක් ලබා සිටි ඩෙවෝන් කොන්වේ දැවී ගියේ සකීබ් අල් හසන්ගේ පන්ඳුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

කොන්වේ සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 105 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගු විලියම්සන්, ඉන් නොනැවතී ඩැරිල් මිචෙල් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 109 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.

නවසිලන්ත නායක කේන් විලියම්සන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්ඳුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුණු 245 ක් ලබාගත්තේය. ලකුණු 56 කට කඩුළු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී කණ්ඩායමේ සිටින ප්‍රවීණතම පිතිකරුවන් දෙදෙනා වන නායක සකීබ් අල් හසන් (40) සහ මුස්ෆිකුර් රහීම් (66) එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්ඳු 108 කදී ලකුණු 96 ක් එක්කරමින් බංග්ලාදේශ ඉනිම ගොඩනැගූහ.

පන්ඳු 51 කදී වාර්තා වූ සකීබ්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්ඳු 75 කදී වාර්තා වූ රහීම්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. තවත් ප්‍රවීණ පිතිකරුවකු වන මහමදුල්ලා රියාද් අවසන් ඕවර කිහිපයේදී පන්ඳු 49 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

දක්ෂ පන්ඳු යැවීමක නිරත වූ ලොකී ෆර්ගසන් සිය ඕවර 10 ලකුණූ 49 කට සීමා කරමින් කඩුළු 3 ක් බිඳහෙළීය. ට්‍රෙන්ට් බෝල්ට් සහ මැට් හෙන්රි කඩුළු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශයට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි කිරීම සඳහා ෆර්ගසන්ට අනගි සහායක් දුන්හ.

බංග්ලාදේශය – ඕවර 50 කදී කඩුළු 9 ක් දැවී 245

(ටැන්සිඩ් හසන් 18, මෙහෙදි හසන් 30, සකීබ් අල් හසන් 40, මුෂ්යිකුර් රහීම් 66, මහමදුල්ලා රියාද් නොදැවී 41, ටස්කින් අහමඩ් 17, ලොකී ෆර්ගසන් 49/3, ට්‍රෙන්ට් බෝල්ට් 45/2, මැට් හෙන්රි 58/2)

නවසීලන්තය – ඕවර 42.5 කදී කඩුළු 2 ක් දැවී 248

(ඩෙවෝන් කොන්වේ 45, කේන් විලියම්සන් 78, ඩැරිල් මිචෙල් නොදැවී 89, ග්ලේන් පිලිප්ස් නොදැවී 16)

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleWhatsApp වීඩියෝ ඇමතුම් සඳහා නව විශේෂාංගයක් නිවේදනය කරයි
Next Article ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් විදේශ සේවා නියුක්කි කාර්යාං​ශයෙන් ඩොලර් 10,000ක්
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.