Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Labour»UAEහි කම්කරු පැමිණිලි සඳහා නව ගාස්තු රහිත අංකයක් හඳුන්වා දෙයි
Labour

UAEහි කම්කරු පැමිණිලි සඳහා නව ගාස්තු රහිත අංකයක් හඳුන්වා දෙයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 14, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු පැමිණිලි ලියාපදිංචි කිරීම සඳහා දැන් නව ගාස්තු රහිත අංකයක් ඇති බව මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MOHRE) විසින් ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය නාලිකා හරහා මෑතකදී නිවේදනය කරණු ලැබුවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරුවන්ට සහ සේවා යෝජකයන්ට දැන් කම්කරු හිමිකම් සහ උපදේශන සඳහා 800 84 ගාස්තු රහිත අංකයෙන් කම්කරු සම්බන්ධ පැමිණිලි හෝ නීති උපදේශන සඳහා ඇමතුම් මධ්‍යස්ථානය වෙත සම්බන්ධ විය හැකියි.

මීට ඉහතදී භාවිතයේ යෙදුන 04 6659999 අංකය, දැන් අත්හිටුවා ඇත.

උපකාරක සේවාව හරහා, UAE කම්කරුවන්ට සහ සේවා යෝජකයන්ට නව කම්කරු පැමිණිල්ලක් ලියාපදිංචි කිරීමට, සක්‍රීය පැමිණිල්ලක් පසු විපරම් කිරීමට සහ UAE හි කම්කරු නීතිය – 2021 අංක 33 දරන ෆෙඩරල් නියෝග-නීතිය පිළිබඳ උපදේශන ලබා ගැනීමට හැකිය.

ගාස්තු රහිත අංකය හරහා අරාබි, ඉංග්‍රීසි සහ උර්දු භාෂාවන්ගෙන් උපදෙස් ලබා ගත හැකිය.

ඇමතුම් මධ්‍යස්ථානය සඳුදා සිට සෙනසුරාදා දක්වා උදේ 8 සිට රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක වන අත​ර ඉරිදා වසා තැබෙනු ඇත.

සේවා යෝජකයෙකුට එරෙහිව මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය සමඟ පැමිණිල්ලක් ලියාපදිංචි කිරීම සඳහා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු නීතිය තුළ ඇති රෙගුලාසි අවබෝධ කර ගැනීම වැදගත් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු පැමිණිල්ලක් ලියාපදිංචි කිරීමේදී මතක තබා ගත යුතු කරුණු තුනකි.

1. කලින් නඩුව ගොනු කරන්න

ඔබට ඔබේ සේවායෝජකයා සමඟ ගැටලුවක් තිබේ නම් ස​හ ඔබ​ට MOHRE මැදිහත් වීමක් අවශ්‍ය නම්, ඔබ එය හැකි ඉක්මනින් ගොනු කළ යුතු බව මතකයේ තබාගැනීම වැදගත් වේ. මෙයට හේතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු නීතියට අනුව – උල්ලංඝනය කළ දින සිට වසරකට පසුව ලැබිය යුතු අයිතිවාසිකම් සඳහා කිසිදු හිමිකම් පෑමක් සිදු නොවන බැවිනි.

2. නඩුව විභාග වන අතරතුර ඔබට වෙනත් සමාගමක සේවය කළ හැකිය

නඩුව උසාවියේ පවතින විට, නඩුව විසඳන තෙක් වෙනත් සේවා යෝජකයෙකු සමඟ වැඩ කිරීමට හැකි වන පරිදි MOHRE වෙතින් තාවකාලික වැඩ බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

3. පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ගාස්තු නැත

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු නීතියේ 55 වැනි වගන්තියට අනු​ව ඩිරාම් 100,000 ට අඩු හිමිකම් සඳහා කම්කරුවන් හෝ ඔවුන්ගේ උරුමක්කාරයන් නඩු පැවරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ සෑම අදියරකදීම අධිකරණ ගාස්තු ගෙවීමෙන් නිදහස් කරයි.

ඔබට ඇමතුම් මධ්‍යස්ථාන වේලාවෙන් පිටත MOHRE සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම්, ඔබ Apple සහ Android උපාංග සඳහා ලබා ගත හැකි ‘MOHRE’ යෙදුම ​හෝ MOHRE හි WhatsApp ගිණුම – අංක 600590000 හරහා මාර්ගගතව සම්භන්ධ විය හැකිය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු​ව ලොව විශාලතම ගිනි ආරක්ෂණ සංවිධානය සමඟ හවුල්කාරිත්වයකට
Next Article ඩුබායිහි RTA, රස් අල් ඛෝර් මාර්ග​යේ මගී පාලම් දෙකක් විවෘත කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.