ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් මේ වසර මුලදී ප්‍රකාශයට පත් කරන ලද පරිදි ම​ගී පාලම් හතක් ඉදිකිරීමේ පුළුල් මුලපිරීමක කොටසක් ලෙස රස් අල් ඛෝර් මාර්ග​යේ නව මගී පාලම් දෙකක් විවෘත කොට තිබෙනවා.

ඩුබායිහි පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට වැඩි සතුටක් ගෙන ඒම සඳහාත් රථවාහනව​ල ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහාත්, පදික මාරු සඳහා ආරක්ෂිත සංචලන මාධ්‍යයන් සැපයීම සහ යහපැවැත්ම පෝෂණය කිරීම සඳහාත් RTAහි කැපවීම පාලම් දෙක විවෘත කිරීම මගින් තහවුරු කරයි.

පාලම් දෙක ආකර්ශනීය මෝස්තර වලින් සංලක්ෂිත වන අතර අධිතාක්‍ෂණික විද්‍යුත් යාන්ත්‍රික පද්ධති, අනතුරු ඇඟවීම්, ගිනි නිවන, දුරස්ථ නිරීක්ෂණ පද්ධති සහ කැපවූ පාපැදි නැවැත්වීමේ ස්ථා​න වලින් සමන්විත ​වේ.

RTA රථවාහන ආරක්ෂාව සාක්ෂාත් කර ගැනීම සහ රථවාහන ධාවනයේදී සිදුවන අනතුරු අනුපාතය අඩු කිරීම සඳහා ලොව ප්‍රමුඛතම ආයතන අතර සිටී. මේ සම්භන්ධයෙන් මාර් ග භාවිතා කරන්නන් සහ පාපැදිකරුවන් වෙනුවෙන් යටිතල පහසුකම් සහ ආරක්ෂිත ක්‍රමවේදයන්​ට ස්තුතිවන්ත වෙන බ​ව RTA හි රථවාහන හා මාර්ග නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී අබ්දුල්ලා අල් අලි පැවසීය.

පළමු පාලම ක්‍රීක් වරාය සහ රස් අල් ඛෝර් කාර්මික ප්‍රදේශය සම්බන්ධ කරයි. එහි පළමු කොටසේ දිග මීටර් 174 ක් පළල මීටර් 3.4 ක් වන අතර දෙවන කොටසේ දිග මීටර් 4.1 කි. එය මාර්ග මට්ට​මේ සිට මීටර් 6.5 ක් ඉහළට නැඟී ඇති අතර පාපැදිකරුවන් සඳහා මීටර් 120 ක් දිග මීටර් 1.9 ක් පළල බෑවුම් දෙකක් ආවරණය කරයි.

දෙවන පාලම Nadd Al Hamar හි Marhaba Mall සහ Wasl Complex හරහා කෙලින්ම රස් අල් ඛෝර් මාර්ග​යේ පිහිටා ඇත. එහි දිග මීටර් 101 ක්, පළල මීටර් 3.4 ක් සහ මාර්ග මට්ට​මේ සිට මීටර් 6.5 ක් උසකින් පිහිටයි, දෙපස බෑවුම් දෙකකින් යුක්ත වන අතර, එක් එක් බෑවුමක දිග මීටර් 120 ක් සහ පළල මීටර් 1.9 කි. පාල​ම​ට විදුලි යාන්ත්‍රික පද්ධති, අනතුරු ඇඟවීම් සහ ගිනි නිවීමේ පද්ධති මෙන්ම දුරස්ථ නිරීක්ෂණ පද්ධති වලින්ද සමන්විත​ය.

මගී පාලම් ඉදිකිරීමේදී විදුලි සෝපාන, අනතුරු ඇඟවීම් සහ ගිනි නිවන පද්ධති, දුරස්ථ නිරීක්ෂණ පද්ධති වැනි සේවා පහසුකම් සැපයීම කෙරෙහි අවධානය යොමු කරන අතර ඒ සමඟම නිර්මාණාත්මක හා සෞන්දර්යාත්මක සැලසුම් අංගයන් භාවිතා කිරීම සඳහා අවධානය යොමු කරයි. පාලම්හි පිහිටීම තෝරාගැනීමේදී ප්‍රධාන පරාමිතීන් කිහිපයක් සැලකිල්​ලට ගනු ලැබේ. පදිකයින් බහු​ල ස්ථාන, රථවාහන තීව්‍රතාවය සහ වීදි දෙපස මිනිසුන්ගේ සංචලනය මෙන්ම ළඟම ඇති පදික මාරුවට ඇති දුර, පොදු බස් නැවතුම් ස්ථාන, වෙළඳපලවල්, වාණිජ මධ්‍යස්ථාන සහ රජයේ සහ පෞද්ගලික ආයතන වල පිහිටීම ​ද ඇතුළත් වන බ​ව අල් අලි ප්‍රකා​ශ කළේය.

Share.

Comments are closed.