ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය දක්වා ක්‍රියාත්මක ”චෙරියාපානි” මගී යාත්‍රා සේවය ඊ​යේ (14) ආරම්භ විය. ඉන්දියානු නැව් සංස්ථාවට අයත් දිගින් මීටර් 35ක් සහ පළලින් මීටර් 9.6ක් වන මෙම අධිවේගි ”චෙරියාපානි” යාත්‍රාවෙන් මගීන් 150ක් පමණ එකවර රැගෙන යාමේ හැකියාව පවතී.

මගී යාත්‍රාවෙන් නාගපට්ටම් සිට කන්කසන්තුරය දක්වා යාත්‍රා කිරීමට පැය 4ක පමණ කාලයක් ගතවන අතර එක් ගමනාන්තයක් සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් 26,750 ක් ද යාමට සහ ඒමට රුපියල් 53,500ක මුදලක්ද අය කෙරේ.

එසේම එක් ගමන් වාරයකදී මගියෙකුට කිලෝග්‍රෑම් 50ක බරකින් යුතු භාණ්ඩ තොගයක් රැගෙන යාමේ හැකියාව පවතින බව වාර් තා වෙයි.

ඊ​යේ පෙරවරුවේ ඉන්දියාවේ සිට ගමන් ආරම්භ කළ ‘චෙරියාපානි’ නාගපට්නම් සිට මගීන් පනස් දෙනෙකු රැගෙන පෙරවරු 11.30ට පමණ කන්කසන්තුරය වරාය වෙත ළඟාවූ අත​ර යාත්‍රාව පස්වරු 2.30ට පමණ කන්කසන්තුරය වරායෙන් යළි ඉන්දියාව බලා යාත්‍රා කලා.

Share.

Comments are closed.