58 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද (04) පෙරවරුවේ පැවැත්වේ.

මීට සමගාමීව කිරි ඉතිරවීමේ හා කිරි ආහාර පූජා කිරීමේ මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩ දොරටු අබියස ඊයේ (03) අලුයම සිදු කෙරිණි.

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි කෘෂිකර්ම ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කිරි ආහාර පූජාව සිදු කෙරිණ.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් රෝහණ රජපක්ෂ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share.

Comments are closed.

Exit mobile version